රුමංසලා

Special Price රු. 558.00 Regular Price රු. 620.00
In stock
SKU
rumansala-swapna-nilushi-sithuwili-publication

මම හෂිල දෙස හිස හරවා බැලුවෙමි. වේදනාබර වතකින් ඔහු මා දෙස බලා සිටියේය.

"ඔයා අහනවාද හෂිල මගෙ කතාව... ඇත්තටම අහනවාද...? මෙච්චරකල් කවුරුත්ම හිටියෙ නෑ මගෙ කතාව අහන්න... මට හිටියෙ ආයම්මා විතරයි... මගේ හිතේ වේදනාව බෙදාගන්න මට කවුරුත්ම හිටියෙ නෑ හෂිල කවුරුත්ම නෑ..."

මගේ උරහිසේ තිබූ හෂිලගේ සුරත තව තවත් තද විණ.

"අද ඉඳලා ඔයාගේ දුක විතරක් නෙමේ... සතුට බෙදාගන්නත් මම ඉන්නවා අරුන්දතී .. මට කියන්න ඔය හිතේ හිරකරගෙන ඉන්න කතාව... ඔය වේදනාව මටත් කියන්න.."

මට අවැසි වූයේ වසර දෙකක් තිස්සේ හදවතේ ගුලි ගසාගෙන තනිවම විඳ වූ වේදනාව තවකෙකු සමඟ බෙදාගන්නටය. හදවත පිපිරෙන්නට පෙර පවසන්නටය. මා මොහොතක් ඔසඳගේ සේයාරුව දෙස බලා හිඳ දෑතින්ම කදුළු පිසදා ගත්තෙමි.

Author ස්වප්නා නිලූෂි - Swapna Nilushi (1)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (25)
More Information
ISBN 9786245673056
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රුමංසලා
Back to Top