Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

About this book

උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු වීම සඳහා නියත විවරණ ලැබුවේ චිත්‍ර කතාවන් හා ටෙලිනාට්‍ය නිර්මාණයෙනි. ඔහු චිත්‍රකතාවෙන් රූප සංරචනය පිළිබඳ පෙරහුරුවත් ටෙලිනාට්‍යයෙන් නාට්‍යමය ගුණයත් ඒකාභ්‍යන්තර විහිදීමේ ශක්තියත් වගා කරගත්තේය. ඔහු නිර්මාණය කළ ටෙලිනාට්‍ය වඩා සමීප වූයේ සිනමාවටයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1990 දශකයේ බිහිවන නව තරුණ පරම්පරාවේ පෙරමුණු නියෝජනයක් ලෙසිනි. ඉන්පසු එළඹෙන දීර්ඝ කාලය තුළ පවුල කේන්ද්‍රීය, තාරුණ්‍යය, ප්‍රේමාන්විත, ත්‍රාසජනක, අද්භූත, බිහිසුණු, හාස්‍යෝත්පාදක බදු සියලුම ප්‍රවර්ගවලට අයත් සිනමාකෘති නිර්මාණය කළේය. ගිනිඅවි සහ ගිනිකෙළි 1, 2, බහුභාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, යකඩ පිහාටු, රන්දිය දහර, හිරිපොද වැස්ස, සෙනසුරු මාරුව, කොස්තාපල් පුඤ්ඤසෝම, බහුභූතයෝ බඳු නිර්මාණ බැහැර කරමින් අදාළ ප්‍රවර්ග විවරණය කළ නොහෙන තරම්ය. උදයකාන්තගේ අනික් සුවිශේෂී ලක්ෂණය නම් වෙළෙදපොල හැසිරීම පිළිබඳ දැක්වූ නිරන්තර අවධානයයි. සිනමාකෘතියේ ගුණය සුරකින පමණටම ප්‍රේක්ෂක වින්දනය ද ඔහුගේ අවධානයෙන් ගිලිහී ගියේ නැත. මේ අන්ත දෙක තුලනය නිසාම ඔහු අද්‍යතන සිනමාව තුළ තම නොමැකෙන අයුරින් සටහන් කරන්නට සමත්ව සිටි.

උදයකාන්තගේ සි නමාව විවරණය සඳහා ජීවන්ත දයානන්ද ඉතාම සුදුසු ලේඛකයකු බව මගේ හැඟීමයි. ඔහු අයත් වන්නේ ද උදයකාන්තගේ පරම්පරාවටමයි. එහෙයින් වඩා විචක්ෂණශීලීව, සමීපව මෙන්ම මැදිහත්ව එම චිත්‍රපට කියැවීමට ඔහුට හැකි වෙයි. උදයකාන්තගේ නිර්මාණ පිළිබඳ ඔහුගේ විවරණය වර්තමාන සුවිශේෂී සිනමාකරුවකුගේ ප්‍රතිභාව, ශක්තිය හා කාර්ය සාපල්‍ය පිළිබඳ මහඟු කියවීමක් ලෙස දකිමි.

ISBN
9786246202057
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.