රුසියානු කෙටිකතා
තම හදවත තියුණු උලකින් පසාරු කරගෙන ගියාක් මෙන් ඔහුට දැනිණි. ඔහු එක් වර ම විහිළු තහළු කිරීම නැවැත්වී ය. එ තැන් සිට ඔහු තුළ හා අවට හැම දෙයක් ම වෙනස් වන්නට පටන් ගත්තාක් මෙන් විය. ඔහු හැම දෙයක් දෙස ම ඉඳුරා වෙනස් ආකාරයකින් බලන්නට විය.” - ගොගොල් (හිම කබාය)
මේ කතා සංග්‍රහයට අයත් එක් එක් කතාව එ වන් භාවමය කම්පනයක් සහෘදයා තුළ ඇති කරලීමේ ශක්තියෙන් යුක්ත ය. මානව ඉතිහාසයේ උදා වූ ශ්‍රේෂ්ඨ ම සාහිත්‍ය නිර්මාණාත්මක යුගයක් නියෝජනය කරන ඒ කතා සැබෑ සාහිත්‍ය නිර්මාණයක් සතු ශක්‍යතාව පිළිබඳ වත් ඒ නිර්මාණ බිහි කළ නිර්මාතෘවරුන් පිළිබඳ වත් අප තුළ විස්මයාවහ හැඟීම් ජනිත කරවයි.
*
පද්මහර්ෂ කුරණගේ මහතා පනහ දශකයේ දෙ වන භාගයේ දී එ කල සාහිත්‍යකාමීන් අතර ඉමහත් සේ ජනප්‍රිය ව පැවති 'සංස්කෘති’' සඟරාවේ සංස්කාරවරයකු ලෙස කටයුතු කළේ ය. එහි චෙකොෆ් අංකය පළ කිරීමට මූලික වී කටයුතු කළ ඔහු රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයාට හඳුන්වා දුන් පුරෝගාමියෙකි. 1960 දී සෝවියට් රාජ්‍යය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්- වයක් මත රුසියානු – බස, සාහිත්‍යය හා ඉතිහාසය හදාරා ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ ය. ඉන් පසු සෝවියට් දේශයේ රාජ්‍ය ගුවන් විදුලි හා රූපවාහිනී සංස්ථාවේ සේවය කිරීමට අවස්ථාව සැලසීම ඔහුට රුසියානු ජන ජීවිතය හා කිට්ටු ඇසුරක් පවත්වාගෙන යෑමට මං පෙත් විවර කළේ ය.
*
ප්‍රථම මුද්‍රණ දෙකේ දී 15,000කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ මේ කෘතිය ලංකා විශ්වවිද්‍යාලයේ ද ඉන් පසු ව කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු බොහෝ විශ්ව විද්‍යාලවල ද සිංහල විෂයය හදාරන සිසුන් සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථයක් / අතිරේක කියවීම් පොතක් වශයෙන් භාවිතයට ගෙන තිබේ. සිංහල සාහිත්‍යය හා ජන ජීවිතය ගැන මෙන් ම රුසියානු සාහිත්‍ය හා ජන ජීවිතය ගැන ද එක සේ ගැඹුරු දැනුමකින් යුක්ත වීම කුරණගේ මහතා ගේ පරිවර්තන කෘතීන්හි අතිශය සාර්ථකත්වයට හේතුව බව විචාරක මතය යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.