Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇස්.මහින්ද ළමා කව් ගී මග

ඇස්.මහින්ද ළමා කව් ගී මග

About this book
සිංහල ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය ගත් කල, ප්‍රමාණාත්මකව සතුටු විය හැකි තත්වයක් එහි නැතත්, ගුණාත්මකව උසස් මට්ටමකලා අගය කළ හැකි තිදෙනකුගේ කෘතින් අප සතුව පවතියි. ඒ ඇස්. මහින්ද හිම්, මුනිදාස කුමාරතුංග , ආනන්ද රාජකරුණා යන තිදෙනාගේ කෘතින්ය. ළමා මානසිකත්වය හඳුනාගෙන , ඔවුන් තුළ සාහිත්‍ය රුචිය වඩාලන අන්දමින් රචනා කොට ඇති මේ කව් ගී, අපේ වර්තමාන ළමා පරපුරට දායාද කිරීමේදි ගුරුවරුන් සතු කාර්යභාර්ය අතිවිශාලය. ඒ සදහා ගුරුභවතුන්ට මනා පරිචයක්ද ක්‍රමෝපක්‍රම හා විනයක්ද අවශ්‍ය වෙයි. වර්තමානයෙහි ළමයින් සඳහා එවැනි කාර්යයක යෙදෙන අයුරු ගුරුභවතුන්ට කියා දිය හැකි උපදේශකයින් අතලොස්ස අතරින් , ඩබ්ලියු ඒ අබේසිංහයෝ මුල් තැනක සිටිති. ඒ සඳහා ගුරුවරයෙකුගේ පරිචයත්, ළමා මනෝවිද්‍යාඥයකුගේ භාවිතයත්, ළමා ගීත රචකයකුගේ අත්දැකීමත් ඔහු සතුව ඇත. එවැන්නකු ඒ සඳහහා අත ගසා තිබීම, ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ භාග්‍යයක් කොට සලකන අතර, මෙම පොත් පෙළ ඔවුන්ට මහඟු අත්වැලක් වේවායිද ප්‍රාර්ථනා කරමි. - සිරිසේන විතානගේ -
ISBN
9789558996539
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇස්.මහින්ද ළමා කව් ගී මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.