සබ්බං පහාය ගමනීයං
කාශ්යප සත්යප්රිය සිය කවි සැරිය අරඹනුයේ ලංකාවේ තරුණ පරපුරට ජීවිතය සහ මරණය අතර වූ දුර බෙහෙවින් සිහින්ව ගිය සමයකය. අසූව දශකය මධ්යයේ පටන් අනූව අනුවැක දක්වා රටේ තරුණ ජීවිත සහ ටයරය එක හා බැඳුණු මාතෘකා දෙකක්ව පැවති අවධියෙහි ඔහු සිය කවිය විකසිත කරන්නට පටන් ගත්තේය. ඉන්පසුව අපට හමුවනුයේ ඔහුගේ නිහඬ සමයයි. දැන් යළිත් කාශ්යප නම් කවියා වේගයෙන් වැඩ කරන්නට පටන් ගෙන ඇති සැටියකි.
ඔහු සිය කවි සැරියේ දෙවන අදියරෙහි පෙරට වඩා වේගවත් එහෙත් ඒ වේගය විසින් බිඳ නොහෙළමින් වර්ධනය වන කවි මගක් තනමින් සිටියි. ඔහුට සිය කවියට ඇවැසි පොහොර සපයන්නට අප සමාජය බෙහෙවින් පොහොසත්ය. සමාජයේ දිළිඳුකම ඔහුගේ කවිය පොහොසත් කරවන උල්පත බවට පත්ව තිබේ. ඉඳින් කාශ්යප එය කණින්නට පටන් ගෙනය. ඒ සමගම මට අපේ අසූව දශකයේ ගමන් සගයෙකුගේ පියවර යළි හෙමිහිට ඇසෙයි.
චූලානන්ද සමරනායක
“මග නොහළ කවි කඳුළු” විචාර සටහනකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.