Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සදාචාර දර්ශනයේ ස්වභාවය

සදාචාර දර්ශනයේ ස්වභාවය

About this book
“සදාචාර දර්ශනයේ ස්වභාවය” යන මැයෙන් ආචාර්ය නාමලී කුමාරී හඳගම මහත්මිය විසින් රචිත මේ ග්‍රන්ථය පිළිබඳව සිංහලෙන් ලියැවුණු කාලීන මෙන්ම ප්‍රශ්ස්ත අත්පොතක් වනු නොඅනුමානය. සදාචාර දර්ශනය, දර්ශන විෂයේ මූලික කොටසක් ලෙස සැළකේ. එමෙන්ම එය මිනිසා හා මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ද වේ. සදාචාරය පිළිබඳව අතීතයේ සිටම පෙර අපර දෙදිගම නොයෙකුත් ආකාරයේ විමර්ශනයක් සිදුකර ඇත. නොයෙකුත් ආගමික චින්තකයින් අතර විශේෂයෙන්ම බුදුරදුන් හා කොන්පියුසියස් වැනි ආගමික නායකයින් මෙන්ම ආගමික පසුබිමෙන් තොරව සෘජුවම සදාචාරය පිළිබඳ විමර්ෂනයේ යෙදුන ග්‍රීක දාර්ශනික පරම්පරාව බැබළ වූ සොක්‍රටීස්, ප්ලේටෝගේ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින්ගේ විමර්ශනයන් තුළින් ද ඒ බව පැහැදිලි වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය හඳගම මහත්මිය විසින් ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත කරුණු උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාටද ප්‍රයෝජනවත් වන්නකි. එමෙන්ම සියලු දෙනාටම පරිශීලනය කළ හැකි අන්දමට සදාචාර දර්ශනය පිළිබඳව ඉතාමත් සරල බසින් කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කර ඇත. ඒ අනුව මෙම ග්‍රන්ථය කාලීන හා ප්‍රශස්ත කෘතියක් වනු ඇත.
ISBN
97895553381110
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සදාචාර දර්ශනයේ ස්වභාවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.