සදාචාර දර්ශනයේ ස්වභාවය

Special Price රු. 292.50 Regular Price රු. 325.00
Out of stock
SKU
sadachara-darshanaye-swabawaya-namali-kumari-ariya
Author නාමලී කුමාරි හඳගම - Namali Kumari Hadagama (1)
“සදාචාර දර්ශනයේ ස්වභාවය” යන මැයෙන් ආචාර්ය නාමලී කුමාරී හඳගම මහත්මිය විසින් රචිත මේ ග්‍රන්ථය පිළිබඳව සිංහලෙන් ලියැවුණු කාලීන මෙන්ම ප්‍රශ්ස්ත අත්පොතක් වනු නොඅනුමානය. සදාචාර දර්ශනය, දර්ශන විෂයේ මූලික කොටසක් ලෙස සැළකේ. එමෙන්ම එය මිනිසා හා මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ද වේ. සදාචාරය පිළිබඳව අතීතයේ සිටම පෙර අපර දෙදිගම නොයෙකුත් ආකාරයේ විමර්ශනයක් සිදුකර ඇත. නොයෙකුත් ආගමික චින්තකයින් අතර විශේෂයෙන්ම බුදුරදුන් හා කොන්පියුසියස් වැනි ආගමික නායකයින් මෙන්ම ආගමික පසුබිමෙන් තොරව සෘජුවම සදාචාරය පිළිබඳ විමර්ෂනයේ යෙදුන ග්‍රීක දාර්ශනික පරම්පරාව බැබළ වූ සොක්‍රටීස්, ප්ලේටෝගේ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින්ගේ විමර්ශනයන් තුළින් ද ඒ බව පැහැදිලි වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය හඳගම මහත්මිය විසින් ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත කරුණු උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාටද ප්‍රයෝජනවත් වන්නකි. එමෙන්ම සියලු දෙනාටම පරිශීලනය කළ හැකි අන්දමට සදාචාර දර්ශනය පිළිබඳව ඉතාමත් සරල බසින් කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කර ඇත. ඒ අනුව මෙම ග්‍රන්ථය කාලීන හා ප්‍රශස්ත කෘතියක් වනු ඇත.
More Information
ISBN 97895553381110
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සදාචාර දර්ශනයේ ස්වභාවය
Back to Top