මියැසි විරාමය යළි පැමිණී ඇත
හිත පත්ලේ යාන්තමට වාගේ තැවරුණු සියුම් ආනන්දය සිතින් විඳිමින් විවේකයක් ලැබීම මගේ බලාපොරොත්තුව වුව ද, මනස ඉඟි කළේ අතපසුවීම් සරි කිරීමට හා නිදි වැරූ රාත්රීන් වෙනුවෙන් සිත් සේ නිදන්නට අවසර ලැබෙන ශිශිරතරණය සඳහා කාලය පැමිණ ඇති බවයි.
වටාපිටාව මහ වැස්සකට අරඅඳිද්දි, තමා වෙත පිය නැගූ ඇය ප්රතික්ෂේප කිරීමට ඔහු අසමත් වූයේ ය.
පෘථිවි වැසීන්ට දැඩි පීඩනයක් එල්ල කළ කොවිඩ් - 19 මාරාන්තික වෛරසයෙන් තවමත් මානවයා මුළුමනින් ම නිදහස් ව නැතත්, හදවතට දැනෙන සැහැල්ලුව සිහි ගන්වන්නේ, "හැම කළු වළාවක ම රිදී රේඛාවක් දිස් වන බව" යැයි හැඟේ.
නිහඬතාවයේ ගිලී සිටි කාලාන්තරයේ, නිවාස අඩස්සියේ හිඳ මුල පිරූ ගෙත්තම නිමාවී ඇත. නැවත ගෙත්තමක් පිරීමට සිත සන්සුන් වන තුරු මගේ නිදහස් සිත කොතැන ඉගිල යා දැයි නො දනිමි. එ නමුදු, විඩාපත් සුසුමන් නිවා හිස් වූ හද විත සපුරා ගන්නට, මිහිරි සරයෙන් සනහාලන්නට මියැසි විරාමය යළි පැමිණ ඇත! මහද තුටින් ඉපිලේ. මේ ලෙසින් මධුර ගී ගැයෙන්නේ මෙවන් මිහිරි සර වැයෙන්නේ ඔබ ද, මා ද, ප්රමෝදයට පත් කරනු පිණිස නොවේ ද?
ගාලු පුරයේ ඉපිද, රිපන් බාලිකා හා සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහල්වලින් සිප් සතර හැදෑරූ කුමාරි අබේගුණවර්ධන ඉංග්රීසි ඩිප්ලෝමාධාරිනියකි. කළම්බු ෆෝටිලන්ඩ් ඇන්ඩ් බිල්ඩිංග් සමූහ ව්යාපාරයේ, ප්රධාන කාර්යාලයේ පරිගණක අංශයේ දිගු කලක් සේවයේ නිරත වූ ඇය පරිගණක විධායක නිලධාරිනියකි.
යොවුන් පාඨකයන් සඳහා ඇය විසින් රචිත 'චමත්කාර මංගුස් නිවාඩුව' (2016) ඇය ගේ ප්රථම යොවුන් නවකතාව, 2017 රාජ්ය සාහිත්ය සම්මාන සඳහා නිර්දේශ විය. 'මියැසි විරාමය යළි පැමිණී ඇත' කෘතිය රචනා කරමින් ඇය සිංහල නවකතා රචනයට පිවිසෙන්නේ කොවිඩ් ව්යසන සමයේ රට අගුළු ලූ මොහොතේ, රට වැසියෙකු ලෙස ලද අත් දැකීම් ගැන ද කතාබහක් කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.