Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සඳමඬල වී

සඳමඬල වී

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පල්ලේගම හේමරතන හිමියන් පෞද්ගලික ව දන්නා හඳුනන අය වෙත් නම් උන්වහන්සේගේ ගේයකාව්‍ය රචනාවල සිටින්නේ උන්වහන්සේ ම බව මැනවින් හඳුනාගනු නිසැක ය. මන්ද යත්, හේමරතන හිමියන්ගේ කරුණාවන්තකම, ළෙන්ගතුකම, දයානුකම්පාව ඒ වාංමාලාව ඔස්සේ අපට දැනෙන බැවිනි, ඇසෙන බැවිනි. උන්වහන්සේ අදින් පන් තිස් වසරකට පමණ පෙර මෙසේ ලියූහ. "ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුළක් නොසැලුවේ නම් - කුමට සත් සර රාව නංවා - හිඳිමි ගොලු වී මම්." මේ වනාහි උන්වහන්සේගේ ගීත රචනා කලාවේ තේමා ගීතය වැන්න. හේමරතන හිමියන්ගේ ගීයෙහි අකුරක, ඉස්පිල්ලක, පාපිල්ලක හෝ උක්තතේමා ගීයෙහි සුවඳ පිර් ඇත්තේය. 

සඳමඬල වී හේමරතන හිමියන්ගේ සිව්වැනි ගේයකාව්‍ය සංග්‍රහය යි. මුල් කෘතිය පළකර වසර33 ක් ඉක්ම ගොසිනි. උන්වහන්සේට ඕනෑ තරම් ගීත ලියන්නට පුළුවන. ගයන්ට ගායක ගායිකාවෝ සිටිත්, පොත් පළකරන්ට ප්‍රකාශකයෝ ද සිටිත්, එහෙත් උන්වහන්සේ කඩිමුඩියේ නිර්මාණකරණයේ යෙදෙන්නේ නැත. ලිය ලියා - කප කපා - සහෘදයන් සමඟ කියව කියවා සාර්ථක යැයි හැගෙන නිර්මාණයක් පමණක් රසිකයන් වෙත ප්‍රදානය කරති. හේමරතන හිමියන්ගේ නිර්මාණ කලාවේ සාර්ථකත්වය ද එයමැ බව මගේ හැඟීමයි. 

මහාචාර්ය සුනිල් ආර්යරත්න

ISBN
9786245638277
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳමඬල වී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.