සඳමඬල වී

Special Price රු. 297.50 Regular Price රු. 350.00
In stock
SKU
sadamadala-wee-pallegama-hemarathana-himi-sooriya

පල්ලේගම හේමරතන හිමියන් පෞද්ගලික ව දන්නා හඳුනන අය වෙත් නම් උන්වහන්සේගේ ගේයකාව්‍ය රචනාවල සිටින්නේ උන්වහන්සේ ම බව මැනවින් හඳුනාගනු නිසැක ය. මන්ද යත්, හේමරතන හිමියන්ගේ කරුණාවන්තකම, ළෙන්ගතුකම, දයානුකම්පාව ඒ වාංමාලාව ඔස්සේ අපට දැනෙන බැවිනි, ඇසෙන බැවිනි. උන්වහන්සේ අදින් පන් තිස් වසරකට පමණ පෙර මෙසේ ලියූහ. "ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුළක් නොසැලුවේ නම් - කුමට සත් සර රාව නංවා - හිඳිමි ගොලු වී මම්." මේ වනාහි උන්වහන්සේගේ ගීත රචනා කලාවේ තේමා ගීතය වැන්න. හේමරතන හිමියන්ගේ ගීයෙහි අකුරක, ඉස්පිල්ලක, පාපිල්ලක හෝ උක්තතේමා ගීයෙහි සුවඳ පිර් ඇත්තේය. 

සඳමඬල වී හේමරතන හිමියන්ගේ සිව්වැනි ගේයකාව්‍ය සංග්‍රහය යි. මුල් කෘතිය පළකර වසර33 ක් ඉක්ම ගොසිනි. උන්වහන්සේට ඕනෑ තරම් ගීත ලියන්නට පුළුවන. ගයන්ට ගායක ගායිකාවෝ සිටිත්, පොත් පළකරන්ට ප්‍රකාශකයෝ ද සිටිත්, එහෙත් උන්වහන්සේ කඩිමුඩියේ නිර්මාණකරණයේ යෙදෙන්නේ නැත. ලිය ලියා - කප කපා - සහෘදයන් සමඟ කියව කියවා සාර්ථක යැයි හැගෙන නිර්මාණයක් පමණක් රසිකයන් වෙත ප්‍රදානය කරති. හේමරතන හිමියන්ගේ නිර්මාණ කලාවේ සාර්ථකත්වය ද එයමැ බව මගේ හැඟීමයි. 

මහාචාර්ය සුනිල් ආර්යරත්න

Author පල්ලේගම හේමරතන හිමි - Pallegama Hemarathana Himi (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9786245638277
පිටු ගණන 76
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳමඬල වී
Back to Top