සළාවැටුම් - ආරාධනා ඒකනායක
යුගයක් තූළ තව යුගයක් නිර්මාණය කරන්නේ කාලය.
අලුත් මිනිසුන් එක දවසකින් උපද්දන්නේ කාලය
"සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්“
ප්‍රේමය මොනතරම් අතවරයන්ට මුහුණ දෙනවද කියලා
දන්නේ තරුණයෝ තමයි.
මේ අලුත් රචකයා ලියනවා
“අපට අප හිමි නෑ ලොවේ“
මේ මහා ගැඹුරු වතුරකට වැටෙන වෙලාවක්. ඉංග්‍රිසි
විචාරකයෝ මේ වෙලාවට කියනවා ඩීප් වෝටර් කියලා.
කැළඹුණු වතුරේ, කළු වතුරේ, ගැඹුරු වතුරේ තමයි
මේ ගීතය ගලා යන්නේ.
“නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ“
අලුත් වළාකුළෙන් මතුවෙන අලුත් පදරචකයෝ,
ගායකයෝ නව යුගයට ආරාධනා කරනවා මේ වගේ
ගීතයකින්.
“ අපට අප හිමි නෑ ලොවේ“
මේ අලුත් මිනිස්සු දර්ශණය ගැන ලියනවා හැබැයි, ඒ
දර්ශණය තියෙන්නේ මේ පුංචි වචන වල. අර මහා
සාහිත්‍යාත්මක කතන්දර වල නෙවෙයි. සාහිත්‍ය
සංස්කෘත පදවල් ගැට ගහගෙන ලියන ඒවායෙයි,
හොටු පෙරාගෙන අඬන ප්‍රේම විලාප නගන ඒවායෙයි
අතර මේ වගේ ගීත වලින් තමයි අපට හිතෙන්නේ,
සිංහල ගීතය ඉදිරියට ගෙනියන්න මිනිස්සු ඉන්නවයි
කියලා.
ප්‍රවීන සාහිත්‍යධර
පරාක්‍රම කොඩිතුවක්කු
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.