Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සලෙලු වරම්

සලෙලු වරම්

ප්‍රකාශක (Publisher): Bahu Publishers
About this book

‛ඉනෝකා ගාල්ලගේ එරෙහිව කමල් අද්දරආරච්චි’ ස්ත්‍රී දූෂණ නඩුවේ තීන්දුවට අභියෝග කරමින් ‛සිනමා නළුවන්ට දැරියන් දූෂණය කරන්නට නීතියෙන් ලැයිසන්’ නමින් ‛රාවය’ පුවත්පත 1995 ජනවාරියේ හා පෙබරවාරියේදී සාක්ෂි සහිතව ගවේෂණාත්මක ලිපිපෙළක් පළ කළාය. එහි ගවේෂකයා නන්දන වීරරත්නය. එහෙත් ඔහුට ආරක්ෂාව සැලසීමට විශේෂ ලියුම්කරුවෙකු විසිනි’ යනුවෙන් ගවේෂකයා සඟවා පළ කරන්නට ‛රාවය’ කර්තෘ මණ්ඩලය තීරණය කළාය. නිල හා නොනිල මැරයන්ගේ තර්ජන ගර්ජන මැද, ලංකා ඉතිහාසයේ පළමු වරට මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවක් ජනමාධ්‍යයේ අභියෝගයට ලක් විය. නඩුව නැවතත් මහාධිකරණයේ විභාගයට ගැනිණ.

මෙහිදී ජනමාධ්‍ය ගවේෂණයක් සිදු කළ ආකාරය ආධුනික ගවේෂකයන්ට අගනා අත්දැකීම් සම්භාරයකි; යුක්තියේ වීරත්වය සොයන පොදු පාඨකයාට රසවත් කතාවකි; නීතියේ ආරක්ෂකයන්ට හා අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රාර්ථනා කරන්නන්ට කදිම ආදර්ශයකි.

නන්දන වීරරත්න පුරෝගාමී ජනමාධ්‍ය ගවේෂකයෙකි; යුද වාර්තාකරුවෙකි; වාර්තා චිත්‍රපටකරුවෙකි; ලේඛකයෙකි. ඔහු රාවය, යුක්තිය, කම්කරු මාවත, සීනුව හා ඉරිදා අරුණ පුවත්පත්වලට වාර්තා හා විශේෂාංග සම්පාදනය කළේය; බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ [BBC] ‛සංදේශයේ’ වැඩසටහන් සම්පාදකයෙක් [1995-2001] ද විය; 2023/24 වසරවල පාඨක හා දේශපාලන සමාජ කැලඹූ ‛යාපනය ගිනිලෑම 1931’ හා 'බටලන්දට ගිනි තැබුවෙමු’ කෘතිවල රචකයාය. තම ජනමාධ්‍යමය ගවේෂණ අලළා නන්දන වීරරත්න රචනා කළ තුන්වන කෘතිය ‛සලෙලු වරම්’ ය. ‛කමල් අද්දරආරච්චි ස්ත්‍රී දුෂණ නඩුව’ එක් පැත්තකින් රටේ ජන ජීවිතය දවා හළු කළ ඊළාම් යුද්ධයේ අතුරු කතාවකි; තවත් පැත්තකින් මේ අන්ධකාර යුගයේ රටේ නීතිය වල් වැදුණු ආකාරය සාක්කි සහිතව තහවුරු කරන්නකි. එසේම එය ගවේෂණාත්මක ජනමාධ්‍යයේ මැදිහත්වීමේ බලවත්කම තහවුරු කරන්නකි. අධිකරණ තීන්දුවකට අභියෝග කිරීම ඊට ඉහළ අධිකරණයකට සීමා වී තිබෙද්දී ගවේෂකයා සිර දඬුවම් ලැබීමේ අනතුර නොතකයි; යුක්තිය වෙනුවෙන් සටන් කරයි. එනයින් මෙය ප්‍රකට ජනමාධ්‍ය ගවේෂකයකුගේ තවත් වීර චාරිකාවකි.

ISBN
9780997025491
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සලෙලු වරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.