සඳ යහන - 2
"ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන..
මාව මෙච්චර අසරණ කළේ ඇයි හිමන්ස.
ඇයි.. තවත් මට වද දෙන්න එපා.. ඔයා
සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්..
රඟපෑමක්.. ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ
ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා
තියෙනවා හිමන්ස..”
ඈ කඳුළු අතරින් කෑගසනවා.හිමන්ස නිහඬව
අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර
මගක දි කතා කරන්න හිමන්ස
බලාපොරොත්තු වුණේ නැහැ.. එහෙත්
දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි
වූයේ ද නැහැ..
"දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද
කියලා.. පිස්සුවෙන්.. පිස්සුවෙන් ආදරේ කළේ..
මගෙ මූණ දිහා ම බලාගෙන අර විදිහෙ
කතාවක් කීවෙ කොහොමද හිමන්ස ඔයා..
රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා
මොකද කළේ හිමන්ස.. ඇයි දෙයියනේ මන්
ඔයා කියපු සුරංගනා කතා ඔක්කොටම
රැවටුණේ.. ඇයි.. මන් කාත් කවුරුවත් නැති
අසරණ කෙල්ලක් බව දැන දැන ම ඇයි මට
මේ තරම් දුකක් දුන්නෙ හිමන්ස ඇයි?
Author | රුවනි ලියන්ගොල්ල - Ruwani Liyangolla (18) |
---|---|
Publisher | මතක ප්රකාශකයෝ - Mathaka Publishers (5) |
ISBN | 9786246523053 |
---|---|
පිටු ගණන | 252 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |