සප්ත වර්ණ
නේක විධ පැහැයන් අතර, අතරමං වනු නොහැකිව, ඔබගේ අණින් ඔබට පෙම් බැන්ද මම තාල්‍යා…….
"මයෙ දෙයියො කෙල්ල නිදි. සමාවෙලා කාමරේට නොයනවා නම් හොඳා."
ශ්වේත නැවතී තමා පසු පසම ආ මැණිකා දෙස බැලුවේ ය.
"මැණිකම්මා එළියට යන්න. මට එයා එක්ක කතාවක් තියෙනවා. අදම මේ
දැන්ම විසඳගන්න ඕනෙ දෙයක්. එයා කෑ ගැහැවටවත් මොන මොනවා සිද්ද
වුණත් මැණිකම්මා ගෙට එන්න බෑ.... හ්ම්.. ඉක්මන් කරනවා."
ශ්වේතගේ ස්ථිරසාර වදනට මැණිකා ගල් ගැසී ඔහු දෙස බැලුවාය.
"ස්.. සුදු හාමු... කෙල්ල තවම පොඩියි. අනේ ලොකු හාමුලා
දැනගත්තොත් මේවා..... මන් ඇස් දෙක වගේ හැදුවෙ"
මැණිකා ආපසු හැරුණු ශ්වේතගේ බාහුවක එල්ලුණේ මලක් වන්
සිය මිණිබිරය රැකුමටය. ශ්වේත එදෙස බැලුවේ ගිනි පිටවෙන දෑසිනි.
"මැණිකම්මාට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙද එයා මගේ කියලා. මට ඕන
දෙයක් කරන්න පුලුවන් කියලා. නටනවා වැඩියි හොඳටම. මොන දේ සිද්ධ
වුණත් එයා මගේ. මැණිකම්මා
බය නොවී එළියෙන් ඉන්න. නැත්නම් ඔය පුටුවක ඉඳගෙන නිදාගන්න.
"අනේ මගෙ දෙයියෝ මං කොහොමද වාවන්නෙ. අහිංසකී.... ඒ කෙල්ල මේ
මොනවත් දන්නෙ නැහැනෙ...
දහ අට පැන්නා විතරයි... ඕවා විඳදරාගන්නෙ කොහොමද? "
"මේ මැණිකම්මා. මෙච්චර වෙලා ඉවසුවේ මැණිකම්මට මන් ගොඩක් ගරු
කරන හින්දා. දැන්වත් ඔය කරච්චලේ
නවත්තගත්තෙ නැත්නම් අදම කෙල්ලව උස්සගෙන යනවා මන්. "
ශ්වේතගේ තර්ජනයට බියවූ මහලු මැණිකා පසෙකට වූයේ ඉකිබිඳිමිණි.
කාමරයට පිවිසි ශ්වේත දොර වසා එහි අගුලද කරකැව්වේ මැණිකාගේ සිත
වේදනාවෙන් මුසපත් කරමිනි. තමා අසරණය. මහලු තමාට ඔහු හා හැප්පෙන්නට නොහැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.