Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සඳක් නැංගුරම් ලූ හදක්

සඳක් නැංගුරම් ලූ හදක්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පසු වදන ලියන්නට කියූ බදුර්නිශාවෝ වදන පසු කර ගිය බොහෝ තැන් මේ පොතේ දී හමු වේ.

එහි එන එක් කවියක දී බිරිඳට පහර දුන් සැමියකු මුණ ගැසෙයි. ගුටි කා තමන් හැර යන බිරිඳගෙන් ඔහු පසුතැවිලි වෙමින් පවා අසන්නේ එහෙම ගෙදරින් යන තරමට ම වටිනවද නිදහස යනුවෙනි.

එහෙම අහන සැමියෙක් නම් මේ මුණගැහුණා මය.

පහරකන බිරිඳකට එතරම් ම වටිනවද නිදහස ?

එහෙම ලියැවෙන්නේ දන්නා දෙයෙන් නිදහස් වෙමින් අපේ සිතෙහි ද ඒ නිදහස පුබුදු කරන්නට හැකි අයටයි.

එලෙස දන්නා දෙයෙන් අප නිදහස් කරගන්නා එවැනි තවත් කවි මේ පොතෙන් ඔබට ද හමු වේවි.

මේ බදුර්නිශාගේ මුල් ම කවි පොතයි. එය ඕනෑ නම් පුපුරා යන්නටත් හැකි ලෙස සීරුවට පද ඇදපැද තද කර සකසා ගත් සංයමයෙන් යුතු කාව්‍යාවේශයකි.

ඔය අතරේ බදුර්නිශා හිටි ගමන් කවියෙන් රූප ද මවන්නීය ඔබට ඒවා වෙසෙසමින් හෝ පසසමින් හෝ මේ කවි නැරඹිය හැකිය.

අවසානයේ දී මා සොයා ගන්නා ලස්සන ම දේ නම් බදුර්නිශා යන්නෙහි තේරුම පිරුණු සඳ බව යි. ඉතින් සඳක් නැංගුරම් වූ හදක් තිබෙන්නේ පිරුණු සඳකට බව දැන ගැනීම තරම් සතුටක් කවියට ආදරය කරන රාත්‍රියට තවත් තිබිය හැකිද?

භාරති වීරසිංහ

ISBN
9786249402102
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳක් නැංගුරම් ලූ හදක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.