සඳුදා වැටෙන්නේ සිකුරාදාට
ප්‍රථමයෙන්ම චාලක රණසූරිය වැටෙන්නේ කොතැනකටදැයි අදහසක් ප්‍රකාශ කිරීම මගේ යුතුකමකැයි මම සිතමි.
ඔහු විසින් රචනා කොට ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ නම් මේ රසවත්, ආකර්ෂණීය නාට්‍ය පිටපත කිසියම් නාට්‍ය ප්‍රවර්ගයකට බහා බැලිය යුතුම නම් වුව, එය පැරණි (Farce) නාට්‍ය ධාරාවේ බහා අත සෝදා ගැනීමට මම අකැමැත්තෙමි.
ඊට හේතුව මෙම නාට්‍ය කෙරෙහි අප බැඳ තබන නෛසර්ගික ප්‍රහසන ගුණය (lntrinsic satirical quality) පමණක් නොවේ. එය කාය චලන උත්ප්‍රාස රංගයේ (slapstick comedy) අනුප්‍රාණය ලබමින් වුව නිසැකවම ඒ වර්ගයේ නාට්‍යයක් නොවීමේ විශිෂ්ටතාව නිසා පමණක්ද නොවේ.
මේ මිනිසා (චාලක රණසූරිය) ඉතාම දුර්ලභ ගණයේ පරිකල්පනික කණිකාවලින් (figment of imagination) ගොඩනැගුණු මනසකට අයත් ශූර ස්වතන්ත්‍ර නාට්‍ය රචකයකු බව මට පෙනෙන නිසාය. පෙනෙන නිසාටත් වඩා දැනෙන නිසාය.
එසේ හෙයින් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව වෙනුවෙන් පුදුම උනන්දුවකින් කටයුතු කරන සියල්ලන් විසින්ම චාලක රණසූරිය අගය නොකිරීම්වලින්, නොසැලකීම්වලින් පිරුණු මේ රණභූමියේ කොතැනකවත් නොවැටෙන්නට පරිස්සම් කරගත යුතුය.
- ජයන්ත චන්ද්‍රසිරි -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.