Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සංක්ෂිප්ත සිංහල සාහිත්‍ය වංශය
About this book

සිංහල සාහිත්‍යය පිළිබඳ ව හදාරන කල්හි මට හමු වූ සමහර ග්‍රන්ථ ඒ ඒ යුග එකක් හෝ දෙක තුනක් පමණක් ඇතුළත් ව තිබූ බව දත හැකි විය. ඒ නිසා ම එකී යුගවල සාහිත්‍යය පිළිබඳව දීර්ඝ ව ඇතුළත් කර තිබුණි. ඒවා සංක්ෂිප්ත කර දැක්වීමට මම පියවර ගත්තෙමි. අනුරාධපුර යුගයේ සිට කොළඹ යුගය දක්වා සාහිත්‍ය යුග වශයෙන් වෙන් කොට, ඒ ඒ යුගවල කෘතීන්ගේ භාෂා හැසිරවීම මෙන් ම, ආගමික, ශාසනික හා දේශපාලනික කටයුතු ද, සාහිත්‍යය වර්ධනය වීම හා යම් යම් අවස්ථාවල සාහිත්‍යයේ පිරිහීමට ද, ඒ ඒ යුගවලදී විෂයානුබද්ධ කෘති එකතු වීම ද, ක්‍රමානුකූලව දැක්වීමට උත්සාහ ගත්තෙමි. සිංහල සාහිත්‍යයේ වකවානු පුරාතන, මධ්‍යතන හා නූතන යනුවෙන් යුග තුනකට බෙදා දක්වා ඇත. මේ පිළිබඳව මා ගුරු කොට ගත්තේ, පුංචි බණ්ඩාර සන්නස්ගල මැතිඳුන්ගේ සිංහල සාහිත්‍ය වංශය කෘතියයි. එහිදී පුරාතන යුගය අනුරාධපුර රාජධානිය යටතේ ද, මධ්‍යතන යුගය පොලොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, ජයවර්ධනපුර කෝට්ටේ සීතාවක හා මහනුවර පූර්ව භාගය වූ, සෙංකඩගල රාජධානි යටතේ ද නූතන යුගය සෙංකඩගල පශ්චිම භාගය වූ මහනුවර හා අගනුවර වූ කොළඹ කාලය යටතේ ද දක්වා ඇත.

ISBN
9789553130495
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංක්ෂිප්ත සිංහල සාහිත්‍ය වංශය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.