Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සරණාගතයින්ගේ දුම්රිය

සරණාගතයින්ගේ දුම්රිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
මෙම කෙටිකතා සංග්‍රහයේ කතෘවරයා පඨකයන් අතර වඩාත් ප්‍රචලිතව සිටින්නේ පාරිබෝගික ආකර්ෂන විශය ක්ෂේත්‍රයේ පුරෝගාමී ලේඛකයෙකු මෙන්ම බුදුදහම පිළිබඳලේඛනකරනයේ නිරත වුවෙකු ලෙසිනි. සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම එකී ලේඛන කටයුතුවල යෙදෙන ඔහු විසින් රචිත ග්‍රන්ථ හා ලිපිලේඛන විද්වතුන්ගේ අතිශය ප්‍රසාදයට හේතු වී ඇත.ඔහු ගේ පාරිබෝගික ආකර්ශනය හා ශ්‍රී ලංකාවේ දායකත්වය නම් වූ ග්‍රන්තයට පෙර වදනක් ලියූ මහාචාර්‍ය නන්දදාස කෝදගොඩ විතාණයන් සඳහන් කර ඇත්තේ දසනායක සූරින් පරිභාෂා නිර්මාතෘවරයෙකු සේද ක්‍රියා කර ඇති බවකි. ඔහුගේ නවතම ප්‍රයත්නය මෙම කෙටි කතා සංග්‍රහයයි. වයඹ පිළිකා සංගමයේ සභාපති දූරය හොබවන ඔහු බොහෝ සමාජසංවිදානවල ක්‍රියාකරන්නෙකු වශයෙන් කටයුතු කරමින් දිවයිනේ සිව් කොණ සැරිසැරීමේදී මුහුණ දුන් සමාජ ප්‍රශ්න හා පුද්ගලයන් මෙම කෙටිකතා සංග්‍රයට පාදක කර ඇතැයි මාගේ හැඟීමයි. මා එසේ සඳහන් කරන්නේ මෙහි එන ඇතැම් චරිත අතිශය සංවේදී ලෙස පාඨක සිත්සතන් ඇඳ බැඳ තැබීමට හේතු වන බව වැටහෙන නිසා ය.මේ කෙටිකතා සංග්‍රහය එක හුස්මට කියවා රස විදිය හැකි සාහිත්‍යය කෘත්‍යක් බව මෙය ඉතා මැනවින් සලකා බලා එළැඹි නිගමනය වේ.
ISBN
9786242040608
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සරණාගතයින්ගේ දුම්රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.