සරණාගතයින්ගේ දුම්රිය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
saranagathayinge-dumriya-d-m-t-b-dasanayake-surasa
මෙම කෙටිකතා සංග්‍රහයේ කතෘවරයා පඨකයන් අතර වඩාත් ප්‍රචලිතව සිටින්නේ පාරිබෝගික ආකර්ෂන විශය ක්ෂේත්‍රයේ පුරෝගාමී ලේඛකයෙකු මෙන්ම බුදුදහම පිළිබඳලේඛනකරනයේ නිරත වුවෙකු ලෙසිනි. සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම එකී ලේඛන කටයුතුවල යෙදෙන ඔහු විසින් රචිත ග්‍රන්ථ හා ලිපිලේඛන විද්වතුන්ගේ අතිශය ප්‍රසාදයට හේතු වී ඇත.ඔහු ගේ පාරිබෝගික ආකර්ශනය හා ශ්‍රී ලංකාවේ දායකත්වය නම් වූ ග්‍රන්තයට පෙර වදනක් ලියූ මහාචාර්‍ය නන්දදාස කෝදගොඩ විතාණයන් සඳහන් කර ඇත්තේ දසනායක සූරින් පරිභාෂා නිර්මාතෘවරයෙකු සේද ක්‍රියා කර ඇති බවකි. ඔහුගේ නවතම ප්‍රයත්නය මෙම කෙටි කතා සංග්‍රහයයි. වයඹ පිළිකා සංගමයේ සභාපති දූරය හොබවන ඔහු බොහෝ සමාජසංවිදානවල ක්‍රියාකරන්නෙකු වශයෙන් කටයුතු කරමින් දිවයිනේ සිව් කොණ සැරිසැරීමේදී මුහුණ දුන් සමාජ ප්‍රශ්න හා පුද්ගලයන් මෙම කෙටිකතා සංග්‍රයට පාදක කර ඇතැයි මාගේ හැඟීමයි. මා එසේ සඳහන් කරන්නේ මෙහි එන ඇතැම් චරිත අතිශය සංවේදී ලෙස පාඨක සිත්සතන් ඇඳ බැඳ තැබීමට හේතු වන බව වැටහෙන නිසා ය.මේ කෙටිකතා සංග්‍රහය එක හුස්මට කියවා රස විදිය හැකි සාහිත්‍යය කෘත්‍යක් බව මෙය ඉතා මැනවින් සලකා බලා එළැඹි නිගමනය වේ.
Author ඩී.ම්.ටී.බී.දසනායක - d.m.t.b.dassanayake (1)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9786242040608
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සරණාගතයින්ගේ දුම්රිය
Back to Top