Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සත් මහල්

සත් මහල්

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ඒ රාත්‍රිය මට දිවියේ කෙදිනකවත් අමතක කරන්නට නොහැකි වනු ඇත. මන්ද මා දිවියේ ප්‍රථම හාදුව ලැබුවේ එදිනය. එදින රාත්‍රියේ එළිමහන් මේසයට වී කතාබස් කිරීමෙන් අනතුරුව ඔහු මගේ සුරතින් අල්ලාගෙනම නැවත විසල් ශාලාව දෙසට යන්නට සූදානම් වී සිටියදී එක්වරම මගේ දෙසට හැරී මගේ දෙතොල්වලට ඔහුගේ දෙතොල් බර කළේ ඔහුගේ දෙඅත් වලින් මගේ දෙකම්මුල් ස්පර්ශ කරමිනි. මගේ දෙනෙත් විසල් වී ගියේ සැණෙකිනි. එය මා බලාපොරොත්තු නොවූවකි. එසේම ඔහු ඒ සොරාගන්නේ මගේ නොඉඳුල් දෙතොල්ය. ඔහුගේ දෙතොල් මත තැවරී තිබූ ෂැම්පේන් රසය මගේ දෙතොල්වලට දැනුණි. ඔහුගේ ඒ ස්පර්ශය හමුවේ මුලින් හැකිලී ගියද මා කෙමෙන් කෙමෙන් ඊට නතු වන්නට ගත්තෙමි. ඔහුගේ බඳ වටා මගේ දෙඅත් යවා ඔහුගේ කමිසය දෑඟිලි අතරට පොඩි කරගත්තෙමි. ඔහු ඉතා සංයමයකින් මගේ දෙතොල් හා බැඳී සිටියේය. හදවත ගැහෙන්නට වූයේ සිතාගත නොහැකි තරම් වේගයකිනි. මගේ හදවතේ ලබ් ඩබ් ශබ්දය නිසැකවම ඔහුටද ඇසෙන්නට ඇත.

ආදරෙයි මැණික..!

එම රසාලිප්තය අවසානයේ ඔහු මගේ දෙතොල්වලින් මිදී මගේ නළලත මතින් සියුම් සිපුමක් තැබුවේ එලෙස මුමුණමිනි. බල්බයෙන් විහිදුණු ලා කහ පැහැති ආලෝකයෙන් මා යන්තමින් ඔහුගේ දෙතොල්වල ගෑවී තිබුණු මගේ රත්පැහැ තොල් ආලේපනය දැක ඇඟිලි තුඩුවලින් සෙමෙන් ඒ දෙතොල් පිස දැම්මෙමි.

"ඔය ඉතින් මාව ආයෙත් අවුස්සන්න හදන්නෙ මැණිකේ..” ඔහුගේ තොල් මත දිවෙන මගේ අතැඟිලි ඔහුගේ අතින් ඩැහැ ගනිමින් ඔහු කීවේ සිනහසෙමිනි.

ISBN
9786245768585
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත් මහල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.