සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 1 කොටස
සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි
අයිඩ්‍රින්ඩ්‍රිල්හි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව,
අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස්
එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින්
හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.
අඳුරු කාලය පැමිණිණි. ඩ’හරානු දේශයේ කුරිරු පාලක ඩා’කන් රාල්,
ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට,
සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට
බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි.
පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද?
සැබැවින්ම ඔහු කුරිරු ඩා’කන් රාල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට
ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද?
දෛවයත් ඉරණමත්,ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල
සියලු මායාවන්, සත්‍යයේ අණසකට නතු වන්නේය.
ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදි සියල්ලන්
ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, උද්‍යෝගයෙන් හා කුතුහලයෙන්ද පිරි
දීර්ඝ වික්‍රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්‍යතාවය ඔබට පහදාදෙනු නිසැකය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.