ඉන්කා දෙවොල
වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ්‍යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ.
පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්රතිමාවෙහි, ඕනෑම න්‍යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී - වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්‍රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද්‍රව්‍යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්‍රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙවිවරුන්ගේ අතිශය විනාශකාරි, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය.
දැන්, රේස්ගේ කණ්ඩායම ඇන්ඩිස් කඳුවැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩිවේලාවක් ගතවීමට මත්තෙන්, ඔවුන් තවත් සත්‍යයක් අවබෝධ කරගනු ඇත! ඒ, ඉන්කා දෙවොල තුළට ඇතුළුවීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භූමදානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වාගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ!
| Author | දිලීප් ප්‍රසන්න සෙනෙවිරත්න - Dileep Prasanna Senevirathna (4), Matthew Reilly (1) |
|---|---|
| Publisher | මියුසස් පොත් - Muses Books (163) |
| ISBN | 9786246570453 |
|---|---|
| පිටු ගණන | 651 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




