සෙත්

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
seth-gayana-s-lakmali-gaya-creations
Author ගයනා එස්. ලක්මාලි - Gayana S. Lakmali (38)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (55)
''මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නේ....?'' ''නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා...'' මේ හොයන්නේ සුදු ඇඳුමක් බව මම නොකිව්වේ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවේ සුදු යට ඇඳුමේ ඉඳලම මට ඇදලා පෙන්නන නිසා. ඇදලා පෙන්නන්නත් බැරි නෑ. ''ඉතිං කියහංකො ඔය බඩුව මොකක්ද කියලා..'' සීයත් ගේම අතාරින්නෙ නෑ. ''ඒක සීයාට හොයන්න බෑ. මං හෙමිහිට හොයා ගන්නම්...'' ''මොකද කොල්ලෝ මට හොයන්න බැරි. අර අයින්ටයින් කොලුවටත් එදා බේසම හොයලා දුන්නේ මම...'' සීයා හරි උජාරුවෙන් කිව්වේ කවුරු ගැනද කියලා මට හරියට තේරුණේ නෑ.. ''කවුද සීයේ අයන්ටයින් කියන්නේ..? ආච්චිගෙ පැත්තෙ නෑයෙක්වත්ද?'' ''පිස්සුද බං..... අර අර වතුර බේසමේ බැහැලා ඉද්දි මොකක්දෝ මන්දා හොයාගෙන සුරේකා කෙල්ලගේ නම කියලා කෑ ගහපු හාදයා... අන්න ඌ..... ඌ එදා හතර විළිසංගෙ නැතුව රජ වාසලට දුවන්න හදද්දී ඌට විළි වහගන්න බේසම හොයලා දුන්නෙත් මං...'' සීයගෙ කතාව අහපු අම්මා හිනාව හංඟගෙන කාමරෙන් යන්න ගියා.
Back to Top