About this book
''මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නේ....?''
''නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා...''
මේ හොයන්නේ සුදු ඇඳුමක් බව මම නොකිව්වේ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවේ සුදු යට ඇඳුමේ ඉඳලම මට ඇදලා
පෙන්නන නිසා. ඇදලා පෙන්නන්නත් බැරි නෑ.
''ඉතිං කියහංකො ඔය බඩුව මොකක්ද කියලා..'' සීයත් ගේම අතාරින්නෙ නෑ.
''ඒක සීයාට හොයන්න බෑ. මං හෙමිහිට හොයා ගන්නම්...''
''මොකද කොල්ලෝ මට හොයන්න බැරි. අර අයින්ටයින් කොලුවටත් එදා බේසම හොයලා දුන්නේ මම...''
සීයා හරි උජාරුවෙන් කිව්වේ කවුරු ගැනද කියලා මට හරියට තේරුණේ නෑ..
''කවුද සීයේ අයන්ටයින් කියන්නේ..? ආච්චිගෙ පැත්තෙ නෑයෙක්වත්ද?''
''පිස්සුද බං..... අර අර වතුර බේසමේ බැහැලා ඉද්දි මොකක්දෝ මන්දා හොයාගෙන සුරේකා කෙල්ලගේ නම කියලා කෑ ගහපු හාදයා...
අන්න ඌ..... ඌ එදා හතර විළිසංගෙ නැතුව රජ වාසලට දුවන්න හදද්දී ඌට විළි වහගන්න බේසම හොයලා දුන්නෙත් මං...''
සීයගෙ කතාව අහපු අම්මා හිනාව හංඟගෙන කාමරෙන් යන්න ගියා.
Details
ISBN
9789550929344
පිටු ගණන (Pages)
293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review