Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ක්ෂේම භූමි

ක්ෂේම භූමි

About this book

වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලුවේ තරවටු දෑසිනි. එහි වූයේ උතුරා යන පීතෘ සෙනෙහසකි.

"සර්... මිස් මං ගැන ම වද වෙනකොට...”

“කොහෙද මිස්ලා ඉන්නෙ...? නෑකම් වරද්දා ගත්ත එකෙන් තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ...”

සසිත්යා සේ ම අභිමාන් ද වීරවර්ධන මහතා දෙස බලා සිටියේ විස්මයෙනි.

“මගෙ කෙල්ල එයාගෙ හිත හංගගෙන... යන්න කියනකොට... යන්න ද හිතන් හිටියෙ...?”

වීරවර්ධන මහතා විමසුවේ ඍජු ව ම අභිමාන්ගේ දෑස දෙස ම බලාගෙන ය.

"ඔච්චර අගේට පරිස්සම් කරලා... මේ කොහේවත් නැති එකෙකුට කවදා හරි දීලා යන්න ද හිතාගෙන හිටියේ...? කරන්න පුළුවන් දෙයක් ද ඔය කරන්න හිතාගෙන හිටියේ...?” වීරවර්ධන මහතා අභිමාන්ට තරවටු කරද්දී... කහතුඩුව මහතා හරි අපූරුවට හිනැහෙමින් බලා සිටියේ ය.

Details
ISBN
9786246697945
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ක්ෂේම භූමි

Reviews are published once a member of our team has read them.