Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සූර්ය සංක්‍රාන්ති

සූර්ය සංක්‍රාන්ති

About this book

හිතේ හිස්කම් වසා ගන්නට

අහස් කුස තුර ඉගිල්ලී

සොයා ගොස් මග හසර සෙව්වෙමි

හදේ අස්කොන් ඇහිරිණි

කඳුළු ගඟබඩ සිනා ඇහිඳින

හීන ඔක්කොම මියැදිණි

ආස නෑ මං තටු සලන්නට

අසරණයි දැන් කිරිල්ලී

 

ඔබ සොයා යන සිත සොයාගෙන

මමත් යමි දැන් පාවෙවී

කොහේවත් නෑ ඔබ සොයන්නට

මටද මඟ වැරදුණු හැටී

සිහින අත්තටු පාට සේදුණු

තෙමී තෙතබරියන් විණී

ඉගිල්ලෙන්නට වාරු නෑ දැන්

හුදෙකලා විය සමනලී

 

දුර්ග වන මං මැදින් ඇවිදින්

වංකගිරි අරණක වැටී

හීන ඇහිලූ අහිංසක නුඹෙ

පෙම්වතිය දැන් නෑ මෙහි

රාහු ගිලගත් සඳවතිය සේ

ඈට මුළු ලොව නැති විණි

පතා ආ දුක මෙය ම නම් දැන්

මියැදුණාදෙන් මුවැත්තී

 

 

Details
ISBN
9786246697952
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සූර්ය සංක්‍රාන්ති

Reviews are published once a member of our team has read them.