ශිෂ්‍ය නායකයෙක් ඇවිත්
කෙටිකතාව තවමත් අප සමාජයෙන් ගිලිහී නොගිය සාහිත්‍යාංගයකි. එමෙන් ම කෙටිකතාව රැකගත හැක්කේ ද නිර්මාණකරුවන්ට ම ය. කෙටිකතාවේ නිම් වළලු පුළුල් කර ගැනීමේ මුර පදය ඇත්තේ ද කෙටිකතාකරුවන්ගේ නිර්මාණශීලීත්වය මත ම ය.
එම කාර්යයේ දී ඉතා සාර්ථක කෙටිකතා සංග්‍රහ හතරක් නිර්මාණය කළ සුනිල් තමන්ගේ නවතම කෙටිකතා සංග්‍රහය වූ "ශිෂ්‍ය නායකයෙක් ඇවිත්” මගින් කෙටිකතාව මෙම සමාජයෙන් ගිලිහී නොයා යුත්තක් බව යළිත් තහවුරු කරයි.
'කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් කියා පෑමකැ'යි යන මතය සුනිල්ගේ මේ නව නිර්මාණය දෙස බැලීමේ දී තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු වේ.
ඔහු කෙටිකතාව තුළින් සමස්ත සමාජයට ම, මුළු මහත් ජීවන වෘතාන්තයන් ම අප වෙතට ගෙන එයි. මෙහි එන බොහෝ කතා ඉතා සංවේදී මනසක් ඇති හෘදයාංගම මිනිසෙකුගේ මානවී දයාව සමාජය පුරා පැතිරවීමකි. එසේම එවන් වූ සමාජයකට "ශිෂ්‍ය නායකයෙක් ඇවිත්’” ජීවිතයේ හැරයාම නො ව ජීවිතය ජීවත් කරවීම පිළිබඳව සිතන්නට පුරුදු කරවීමකි.
'කුරුලු පිහාටුවක්’ සමග අපට හමුවන වත්සලා අක්කා කියන්නාක් මෙන් මම ද ඔබට කියන්නේ' කලබල නොවී වාඩි වෙලා ඉමුකෝ’ කියායි.
චම්මින්ද වෙලගෙදර
(සම්මානනීය ප්‍රවීණ ලේඛක)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.