සිහින ඇහිඳිමු - කාව්‍ය සංග්‍රහය
'සිහින ඇහිඳිමු ' කාව්‍ය සංග්‍රහයෙහි හැම කවියකටම පොදු ලක්ෂණය වන්නේ සරලත්වයයි. අලංකාර භාවිතයෙන් සිය භාෂාව වර්ණ ගැන්වීම කිවිඳියට අනභිමත සේය. තුෂාරි මානවඩුගේ පරම අභිප්‍රාය වී තිබෙන්නේ ස්ත්‍රියකගේ ආත්මයෙන් මතුවෙන හැඟීම් නිර්ව්‍යාජව ගෙනහැර පෑම වේ.
සිය පළවෙනි කාව්‍ය සංග්‍රහයෙන් කිවිඳියක ලෙස කවි කෙතෙහි දෙපයින් සිටගන්නට සමත් වී සිටීම අගය කරමි. මැදි වියේදී කාව්‍ය නිර්මාණයට අවතීර්ණ වුව ඇය සාහිත්‍ය ලෝකයේ ජීවත් වීමෙන් හා උසස් අධ්‍යාපනයක් ලැබීම හේතුවෙන් නිර්මාණාත්මක ලේඛනයට වැදගත් හා අවශ්‍ය යම් ආලෝකයක් - පන්නරයක් ලද කෙනෙක් වන්නීය. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් 'මැද පන්තියේ දිවි පෙවෙතක් ගත කරන කාන්තාවන්ගේ - ස්ත්‍රී චෛතසික සොබාවයන්” සියුම්ව හා විවෘතව ගෙනහැර දක්වන්නට ඇය සමත්ව සිටින බව සඳහන් කරනු කැමැත්තෙමි.
මහාචාර්ය සරත් විජේසූරිය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.