සුනිල් සාන්තගේ සිනමා ගී පවත
පේරාදෙණි සරසවිය, ඔක්ස්ෆඩ්හි ටෙම්පල්ටන් විද්‍යාලය ආදියෙන් සිප් සතර හැදෑරු ප්‍රේමදාස තෙලි කෝරල පස් තිස් වසරක් රජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කර ඇත. කලක්, මාලදිවයිනේ ශ්‍රී ලංකා වෙළඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද දූත මෙහෙවරක නිරත වු ඔහු කෙටි කලක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ බාහිර කථිකාචාර්ය- වරයෙක් වශයෙන් ද සේවය කර ඇත්තේය. අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් විද්වතෙකු වු හෙතෙම එකී විෂයයන්ට පරිබාහිරව අනර්ඝ කුලසතා ප්‍රකට කළේ, ගීතයට, සිනෙ රූපයට හා ඓතිහාසික පර්යේෂණ වෙතටය. කුඩා කල සිට විශේෂාංග ලිපි රචනය කෙරේ ඇල්මක් දැක්වූ තෙලිකෝරලයන් දෙස් විදෙස් වාර සඟරා මෙන්ම තත්කාලීන පුවත්පත් සඳහාද සිංහල සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම ලිපි රචනයේ නිරත වන ලේඛකයෙක් ලෙස ප්‍රකටය. සුනිල් සාන්ත සලකුණ විවරණය කිරීම උදෙසා සුවිශේෂී පර්යේෂණ ලිපි කීපයක් පළ කර ඇති ඔහු සුනිල් සාන්ත සමා - ජයේ පර්යේෂණ හා සංවර්ධන එකකයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.