About this book
සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය
සඳගෝමි කෝපරහේවා
සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වූ මේ කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරයේ අක්ෂර වින්‍යාසය අරබයා ගැටලු තැන් මතු වූ විට භාවිත කළ හැකි ප්‍රායෝගික භාෂා අත්පොතක් වශයෙනි. දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ ආධුනික ලේඛකයන්ට, විද්‍යාර්ථීන්ට, ජන මාධ්‍යවේදීන්ට හා අක්ෂර සංයෝජකයන්ට ඉමහත් ප්‍රයෝජනයක් සැලසූ මේ ග්‍රන්ථය, සිංහල අක්ෂර වින්‍යාසයේ පොදු සම්මතයක් ඇති කර ගැනීමට ද උපකාරී විය. එදිනෙදා සන්නිවේදන කටයුතු වල දී වඩාත් පහසුවෙන් පදයක අක්ෂර වින්‍යාසය දැන ගැනීමට හැකි වන පරිද්දෙන් මෙහි සියලු ම පද අකාරාදි පිළිවෙළට පෙළ ගස්වා ඇත.
මේ පොතේ කතුවරයා වන සඳගෝමි කෝපරහේවා මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙකි.
Details
ISBN
9789553066749
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review