Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිංහල සිරිත් සංග්‍රහය

සිංහල සිරිත් සංග්‍රහය

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
About this book

''සිංහල සිරිත් සංග්‍රහය'' ගැන ප්‍රවීණයෝ මෙසේ කියති. සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් රනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික වයුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.
- ප්‍රවීණ ලේඛක ආනන්ද අමරසිරි
ප්‍රවීණ ප්‍රකාශන සමාගම් හැර කර්තෘ ප්‍රකාශකයින් විසින් ප්‍රකාශනයකින් පළ කරන ඇතැම් වටිනා පොත් මුල් මුද්‍රණයෙන් පසු ප්‍රකාශනයට පත් නොවීම නිසා සිදුවන හානිය බරපතලය. මෙවැනි සමහර පොත් ඉතා දුර්ලභ බොහෝ වටිනාකම් ඇති කෘතීන්ය. ''සිංහල සිරිත් සංග්‍රහය'' එවැනි මහඟු කෘතියකි. මේ දුර්ලභ කෘතිය මෙලෙස නැවත මුද්‍රණයෙන් බිහිකිරීම ජාතියේ වාසනාවට සිදු වූ මහඟු සත්කාර්යක් ලෙස අගය කල හැකිවේ.
- නීතිඥ හා ප්‍රවීණ ලේඛක සමරසිංහ ගුණසේකර
'සිංහල සිරිත ජන සම්ප්‍රදායකි.එය සම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්‍රැති උරුමයක් වේ. ''සිංහල සිරිත් සංග්‍රහය'' මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි.
- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත
ISBN
9789554005075
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහල සිරිත් සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.