Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිපිරිගෙදර අබිරහස්

සිපිරිගෙදර අබිරහස්

About this book

ජෙෆ්රි ආචාර් හඳුන්වනු ලබන්නේ මෑත කාලීන විශිෂ්ඨතම කතාන්දර කියන්නා වශයෙනි. Not a Penny more not a penny less, Kane & Abel, Matter of Honor වැනි නවකතා මෙන් ම කෙටි කතා පොත් හතරක් ද ඔහු විසින් පල කර ඇත. Cat O’ Nine Tales - නම් කෙටි කතා එකතුව ඔහුගේ පස්වැනි කෙටි කතා පොත ලෙස ඔහු එළිදැක්වූයේ බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාව මත එංගලන්තයේ බන්ධනාගාර පහක සිය සිර දඬුවම් කාලය ගත කරන අතර අසන්නට සහ අත්දකින්නට ලැබුණු සත්‍ය කතා පදනම් කරගෙනය.

ස්වභාවයෙන් ම ඉතා ආඩම්බර ජාතියක් වන ඉංග්‍රීසි ජාතිකයින් විසින් එංගලන්තයේ සමාජ විෂමතා සහ සුබසාධන ඌනතා පිළිබඳවත්, නීතියේ දුර්වලතා පිළිබඳවත් බාහිර ලෝකයට එළිදක්වනු ලබන්නේ කලාතුරකිනි. මෙහි පලවන කතා තුලින් එංගලන්තයේ නූතන සමාජය සහ ඔවුන්ගේ සමාජීය ප්‍රශ්න සුළු වශයෙන් හෝ හෙළදරව් වේ. මෙහි එන එංගලන්ත සමාජයේ අන්ත අසරණයින් මෙන් ම රජ කපටියන්ගේ චරිතයන් කිසියම් දුරකට ලාංකිකයන්ට ද සමාන යැයි හැඟී ගියහොත් එය පුදුමයක් නොවේ.

එක් කතාවක හැර අන් සියලු චරිතවල නම් පවා සැබෑ ඒවා ම භාවිතා කර ඇති බව ද ජෙෆ්රි ප්‍රකාශ කර ඇත.

ISBN
9789550171071
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිපිරිගෙදර අබිරහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.