සිරගෙදරදි ඇඳි සිතුවම්
About this book
“සිපිරිගෙයක වසර හයක්” පොතේ පසු වදන ….
විසි වයස්වලදී සිපිරිගෙයක හයවසරක් ජීවත් වූ කැරලිකරුවෙකු තමා වින්ද, දුටු අත්දැකීම් කොළ තීරුවල සටනක් කොට හතලිස් වයසේදී නැවත ඒවා ගොනු කරමින් හැට වයසේ දී ඒවා පොතක් ලෙස සමාජය හමුවේ තැබීම මොන විදිහේ අත්දැකීමක් දැයි ඔබ සිතා බලන්න. හදත්, සිතත්, ශරීරයත් මේ විලසට කළම්ඹනය කරන සිංහල පොතක් මා මීට පෙර කියවා ඇත්දැයි මටනම් සිහිනොවේ.
හිරගෙදරදි ඇඳි සිතුවම් 30 ක් ද, ලියූ පරිච්ඡේද 22 ක් ද සහිත මේ පොතේ පිටු 169 කියවන මගේ මනසට පෙනුනේ චාල්ස් දයානන්දගේ ලිවීම අමුතුම ලේඛකයෙකුගේ ද, මහා චිත්‍ර ශිල්පියෙකුගේ ද නිමැවුම් ලොවක් කියාය.
“මා සිතුවම් කළේ සාපලත් ලොවක දුක් අඳෝනාවක් නොව කාලයේ ප්‍රවාහය තුළ මිලින වී යන මනුෂ්‍යත්වයයි. මෙය චරිතාපදානයක් හෝ සාහිත්‍ය නිර්මාණයක් හෝ නොවන්නේ මෙහි ඇත්තේ සත්‍ය මිස ප්‍රබන්ධයක් හෝ පරිකල්පනයක් නොවන නිසාය”
පොත ආරම්භයේදී කතුවරයා එසේ කියයි. එහෙත් මෙයනම් අපරිමිත මානව භක්තියකින් සැදුනා වූ සත්‍ය ගවේෂි මහා නිර්මාණ ප්‍රයත්නයක් බව කිව යුතු වේ.
“සරුව පිත්තල මිනිස්සු - නීචයො, අධමයෝ හා අමු මිනිස්සු - කරුමක්කාරයෝ හා කරුමයෙන් රස විඳින්නෝ - මරණයට අභියෝග කරන වීරයෝ - හිරගෙදර මේ පුදුම චරිත පෙරහැර ලේඛකයා දකින්නේ ගැඹුරු කිමිදීමකින්.
චිත්‍ර ශිල්පියෙකු වන චාල්ස් දයානන්ද 70 ව දශකයේ සමාජ කැරැල්ලකට එක්වීම නිසා බෝගම්බර හිරගෙදර 1000ක් සමඟ හය වසරක තරුණ ජීවිතය ගෙවද්දි කුරුටු ගෑ දේ හා ඔහු ඇඳි මෙහි ඇතුළත් චිත්‍රාවලිය හා සමාන බලගතු සිතුවම් පෙළක් ඔබට කිසි කළෙක අන් තැනක හමුවේ දැයි කිව නොහැක.
අඩි 10*8 හිර කුටි වල තුන් හතර දෙනා බැගින් එක පොදියේ ජීවත්වන මේ හිරු නොනැඟෙන අධිරාජ්‍යයේ බන්ධනාගාර නරුම පාලනය ගැනද කෙලින් කථා කරන මේ පොත තහනම් ඇසින් මඟ හැරුණු පොතක් විය යුතුය.
“විනාඩි දෙකේ නෑම - ගහ කොළ දැකීමට ජනේලයෙන් උඩ පනින හිර කරුවන් - මැනලා බත් පතක් - දෑතට අසුවී ගෙන කරන බසීර් - අසුචි කන චේගු පෙරේරා - මිනී පෙට්ටියට දිග මැනීම - සදාකාලික නිසලභාවය කරා” මේ මිනිස් චරිත යයි ඔබට සිතන්නට පුළුවන් ද?
හිතවත් පාඨකය, හිර ගෙවල්වල ජීවිතය ගැන ලියවුන බටහිර ඇතැම් පුදුම පොත් සිහි ගන්වන මේ පොතේ මේ තුන්වන මුද්‍රණය වත් කියවන්නේ නැතිනම් ඔබ සිංහල පොත් කියවීම නතර කරන්න….
පරාක්‍රම කොඩිතුවක්කු
Details
ISBN
9789553609588
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review