Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිතුවම හා සිත්තරා

සිතුවම හා සිත්තරා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔස්කා වයිල්ඩ් (1854-1900) නමැති ලෝක ප්‍රකට ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ එක ම හා විශිෂ්ටතම නවකතාව වූ 'THE PICTURE OF DORIAN GRAY' කෘතියේ පූර්ණ සිංහල පරිවර්තනය 'සිතුවම හා සිත්තරා' නමින් මෙසේ සිංහල පාඨකයාට පිරිනැමේ.

එ කල එංගලන්තයේ පැවැති කුහක වික්ටෝරියානු සමාජය විසින් සමලිංගික සේවනය නිසා සිරගත කරන ලද වයිල්ඩ් අන්ත දුක් පීඩා විඳ 46 වැනි වියේ දී අකාලයේ මිය ගියේ ය. කතුවරයා ජීවත් වූ වකවානුවේ එංගලන්ත සමාජයේ විසූ ධනේශ්වර පැලැන්තිය ගත කළ කුහක, නිස්සාර ජීවිත, හෙන්රි වොටින් හා බැසිල් හෝල්වර්ඩ් වැනි චරිත තුළින් ද සමාජ තහංචි, දරිද්‍රතාව හා පීඩනයට ගොදුරු වී මිය ගිය හා පීඩා විඳි සිබිල් වේන් හා ජේම්ස් වේන් වැනි දුගීන්ගේ චරිත මාර්ගයෙන් ද විවරණය වේ.

ඔස්කා වයිල්ඩ් එකල සමාජයට එල්ල කළ ප්‍රහාරය හා අභියෝග මෙම නවකතාව තුළින් විද්‍යද වේ. මෙය රාජ්‍ය සම්මානලාභී ලේඛක හා නාට්‍ය රචක රංජිත් ධර්මකීර්ති විසින් කරන ලද සිංහල පරිවර්තනය යි.

ISBN
9559551300685
පිටු ගණන (Pages)
341
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිතුවම හා සිත්තරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.