Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

About this book
පන්සල් බිතු සිතුවම්වල ඉන්නා කිඳුරා නම් අර්ධ මනුෂ්‍ය හා අර්ධ සත්ව සිරුරක් ඇති නිරූඨ සත්වයෙකි. නළාකාරයෙකි. දොළෙන් එගොඩ කිඳුරා ගෙව්වේද අර්ධ මනුෂ්‍ය හා අර්ධ සත්ව ජීවිතයකට ආසන්න දිනචරියාවක් යැයි කිවහොත් නිවැරදිය එහෙත් ඔහුට නළාවක් තිබුණේ නම් නැත. ....ඒ තෙලඹු ගහ කපන්නැතුව සෑය හදන්න ඉඩ ගන්න බැරි උනාලු. රජ්ජුරුවෝ ඒ දේවතාවිගෙන් ඉල්ලවලු තෙලඹු ගහෙන් බැහැල යන්න කියලා. දේවතාවිට බෑ කියන්න බෑ. ඉතිං එයා ඉල්ලුවලු හදන්න යන මහ සෑයට එයාගෙ නම දාන්න කියලා.... ...ප්‍රබන්ධය වන්නේ ඒ සර්ගයද නැතහොත් සිය ජීවිතයේ ඉන් පසුව ලියැවුණු සර්ග ද කියා හරියටම නිශ්චය කරගන්නට ඔහුට මඳ වේලාවක් උවමනා විය. අවසානයේ ඔහු තීරණය ගත්තේය. ප්‍රබන්ධය "ඒ" සර්ගයයි...
Details
ISBN
9786245087297
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ප්‍රබන්ධයෙන් ශ්‍රී ලංකාවේ හරස්කඩක් : සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් - සුමුදු නිරාගී සෙනෙවිරත්න / A cross section of Sri Lanka through fiction - Sithuwamen nerapu kidhurek : Sumudu Niragie Senevirathne
    සුමුදු නිරාගී සෙනවිරත්නගේ දෙවන කෙටිකථා සංග්‍රහය වන මෙහි අන්තර්ගතය තුළ ඇත්තේ කතා හතකි.

    'ගිහින් එන්න කානිවල්' හි පැවති යථාර්තවාදී රීතිය අභිබවා යන මෙම කෙටිකතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ ගැමි සහ නාගරික ජන විඥානය ශ්‍රී ලංකාවේ මිත්‍යා විශ්වාස හා මිශ්‍ර කොට පාඨකයාට හෙළි කිරීමට දක්ෂ ලෙස සමත් වී ඇත.

    පළමු කෙටිකතා සංග්‍රහය තරම් සාර්ථක නොවුවද දක්ෂ ලෙස භාෂාව හා කෙටිකතා ආකෘතිය හැසිරවීමට සමත් වී ඇත.

    This is Sumudu Niragie Senevirathne's second short story collection containing seven short stories.

    This collection of short stories tries to surpass the realism in the first collection of short stories written by the author, 'Gihin enna carnival' through fusing the village and urban lives of Sri Lankans and their mythical beliefs through well-written language skills.

    Though this doesn't become successful as the writer's previous short story collection use of language and structure of the stories are very innovative.
    Dimantha ·
Write a review

You're reviewing: සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

Reviews are published once a member of our team has read them.