Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සොකරි නාටක කාව්‍යය විමර්ශන
About this book

ශාස්ත්‍රපති ගුණතිලක බණ්ඩාරයන්ගේ ‘සොකරි නාටක කාව්‍යය විමර්ශන' ජනනාට්‍ය පර්යේෂණය සිංහල ගැමි නාටකයක නුදුටු පැතිකඩක් හෙළිකරන්නක් බවට විවාදයක් නැත. පර්යේෂකයා සොකරි ගැමි නාටකයේ කාව්‍යය උපයුක්ත කරගනිමින් එහි ඇති සියුම් උපලක්ෂණ හා සබඳතා ව්‍යවච්ඡේදනය කර ඇත්තේ ක්‍රමානුකූලවය. නිගමනයන්ට ඒමට පෙර තෝරාබේරාගත් කරුණු තර්කානුකූලව විමර්ශනයට ලක්කොට ඇති ආකාරය මෙම ශාස්ත්‍රීය පර්යේෂණයෙහි සාර්ථකත්වයට හේතුවූවා සේය. පර්යේෂණ බීජය මනසෙහි නිවැරදිව රෝපණය කරගනිමින් එය මල්ඵල ගන්වනු සඳහා පර්යේෂකයා වෙහෙසී ඇති අයුරු පාඨකයාට මැනවින් ප්‍රත්‍යක්ෂවන්නකි.

කවියෙකු, ගීත රචකයෙකු, යොවුන් සම්මානලාභී ලේඛකයකු, ජනනාට්‍යකරුවෙකු, භාෂා ශාස්ත්‍රඥයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු වශයෙන් ගුණතිලක බණ්ඩාරයන් සිංහල භාෂා සාහිත්‍යයට දායාදකර ඇති කෘති අතරට මෙවැනි ශාස්ත්‍රීය පර්යේෂණයක් එක්වීම අතිශයින්ම ආනන්දයට කරුණකි. ආධුනික පර්යේෂකයෙකුටත්, විද්වත් ශාස්ත්‍රීය පර්යේෂකයෙකුටත් ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදයෙන් උගත හැකිදේ බොහෝය. 'සොකරි නාටක කාව්‍යය විමර්ශන' ශාස්ත්‍රීය පර්යේෂණය පාඨකයාට සාහිත්‍යය ආස්වාදයකුත් ගෙනදීම එහි සුවිශේෂී ලක්ෂණයකි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු 

කැලණිය විශ්වවිද්‍යාලය

ISBN
9789556863987
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොකරි නාටක කාව්‍යය විමර්ශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.