සොල්දාදු කොල්ලා
රටේ යහපත වෙනුවෙන් වැඩ කිරීමට සපත කර පැමිණි ජර්මානු ජනාධිපති (චාන්සලර්වරයා) වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු ජනතාවට විනාශය අත්කරදුන්නේ ලෝකයම යටත් කරගන්නට යාමේ පලවිපාක වශයෙනි. මේ කෲර යුද්ධයේදී ළමයින් මිලියන දහතුනකට ආසන්න පිරිසක් මරා දැමුවේය. ඒ අතර යුදෙව් දරුවන් ලක්‍ෂ 25ක් පමණද, රුසියානු දරුවන් දසදහසකට ආසන්න පිරිසක්, රුමේනියානු, පෝලන්ත, ප්‍රංශ ඇතුළු රටවල දරුවන් දසදහස් ගණනක්ද ඔවුන් මරා දැමූ ළමයින් අතර වෙති. මේ කෲර යුද්ධයේදී ප්‍රංශයට පහර දී ඉතා පහසුවෙන් යටත් කරගත් බැවින් රුසියාවද එසේම පහසුවෙන් යටත් කරගත හැකි වෙතැයි සිතූ හිට්ලර්ගේ අමනෝඥ තීරණය ඔහුගේ අවසානය ළඟා කරවීමටද සමත් විය. සෝවියට් සෙබළුන් ජර්මන් සෙබළුන් සමූල ඝාතනය කරමින් ආක්‍රමණිකයින්ට දරුණු පාඩමක් කියා දුන්නේය. මේ රුසියානු සෙබළුන් අතර ලෝකයේ පළමුවන ළමා සොල්දාදුවා බිහිවිය. මේ ඔහුගේ ජීවිත කතාවයි. මෙම කතාවෙන් සමස්ත ලෝකයටම ඉගෙන ගත හැකි පාඩම් රාශියක් තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.