Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සෝම හාමුදුරුවෝ

සෝම හාමුදුරුවෝ

About this book

චරිත කතා යනු පුරාතන වීර කාව්‍ය සම්ප්‍රදායන්ටම අයත් වූවක් සේ බොහෝ දෙනා සිතති. ඊට හේතුව නූතනයේ අපට කියැවීමට ලැබෙන චරිත කතා බොහොමයක කතා නායකයාගේ චරිතය නොමඳ අතිශයෝක්තියට, අති ප්‍රමාණික වීරත්වයට නැංවී තිබීමය.

එහෙත්. එකී ගතානුගතික සම්ප්‍රදායන් පැහැදිලි ලෙසම උල්ලංඝනය කෙරෙන මෙම චරිත කතාව මගින් වර්තමාන අර්බුදකාරී සමාජය වෙතට බෞද්ධ සාර ධර්ම පද්ධතිය පිවිසුවීමේ අභියෝගයට මුහුණ දෙන අධිෂ්ඨාන ශක්තියෙන් සහ නොපසුබස්නා වීර්යයෙන් නූතන තරුණ භික්ෂූන් වහන්සේගේ චරිතයක් වඩාත් භාව්‍යාත්මක ලෙසින් එළී දැක්වේ.

මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබඳ මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගේ ළමා විය, තුරුණූ සමය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් උන්වහන්ස්ගේ ජිවන චරිතය විවරණය වන අතරේම සමකාලීන බෞද්ධ ජන සමාජය පිළිබඳ හරවත් දැනුම් සම්භාරයක්ද පාඨකයා වෙත ප්‍රදානය කෙරේ.

ISBN
9789555519434
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝම හාමුදුරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.