සූර්ය කන්‍යාව
H. RIDER HAGGARD
THE VIRGIN OF THE SUN
සූර්ය කන්‍යාව
එස්. චන්ද්‍රසිරි දසනායක
එංගලන්තයේ පුරාවස්තු එක්රැස් කරන්නෙකුට අයත් වූ ඉපැරණි පෙට්ටගමක බහා තිබූ පත්ගුරු මිටියකින් හෙළිවන ඓතිහාසික වෘත්තාන්තයක් මෙම නවකතාවට පාදක වී ඇත. එයින් කියැවෙන්නේ, ස්පාඤ්ඤය දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යය ආක්‍රමණය කර එය විනාශ කර දැමීමට පෙර මුහුදෙන් මතු වූ ධවල දෙවියෙකු ලෙසින් එහි වැසියන්ගේ නමැදුමට බඳුන් වූ ඉංග්‍රීසි ජාතිකයකු ගැන ය.
සිය මුතුන්මිත්තා වන තෝර් ග්‍රිමර් නමැති වයිකිංවරයාගේ පුරෝකථනයකට අනුව, ඔහුගේ බලසම්පන්න අසිපතත් අතැතිව සැරිසරන්නෙකු බවට පත් වන ඔහු, කාරී අපන්ක්වි නම් වූ තවත් එක් පුදුමාකාර ගෝත්‍රික තරුණයකු ද සමඟ පේරු රාජ්‍යයට ගොඩ බසියි.
සූර්ය කන්‍යාවක් බවට පත් වන, ටැවින්ටින්සුයූ දේශයේ රජු වන හුවාරකා ගේ දියණිය වන සුරුපී ක්විලාගේ ආදරයට පාත්‍ර වන ඔහු නිසා ඉන්කාවරුන්ගේ රාජ්‍යය දෙදරා යන මහා සංග්‍රාමයක් ඇති වෙයි.
මෙම නවකතාව වූ කලී, නොයෙක් ගෝත්‍රික ජනයා හා සම්බන්ධ ප්‍රබන්ධ ගෙතීමෙහි ලා එච්. රයිඩර් හැගාර්ඩ් සතුව ඇති හැකියාව මනා ලෙස ඉස්මතු කර පෙන්වන කඩඉමකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.