Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

About this book

මෙම කෘතියේ ප්‍රධාන තර්කය වන්නේ 2018 මාර්තු මුස්ලිම් විරෝධී ගැටුම්, අසාර්ථක වූ 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය, ඊට පසු වසරේ පාස්කු ප්‍රහාරය, නැවතත් මැයි මස මුස්ලිම් විරෝධී ගැටුම් ඇති වීම සහ වෛද්‍ය ෂාපි සිද්ධිය යන සියල්ල එකම කතාවක සිද්ධි දාමයක් යන්නයි. එය මුස්ලිම් ඡන්දවල බලපෑම පාලනය කිරීමේ හෝ අවම කිරීමේ ප්‍රයත්න ගැන සඳහන් කරයි.

මෙම කෘතියෙන් නීතිය නොසලකා පක්ෂග්‍රාහී අරමුණු ඉටුකර ගැනීමට සූදානම් සහ කැමති දේශපාලන ආයතන සහ ආරක්ෂක යාන්ත්‍රණයේ මූලික කොටස්වලින් සමන්විත සංවිධිත ආයතනයක් ලෙස රහස් හස්තය කෙරේ අවධානය යොමු කරයි. එහි ශක්තිය රඳා පවතින්නේ අතීතයේ සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය, වඩාත් මෑතක මුස්ලිම් ජනයා වධ හිංසාවන්ට ලක් කිරීම සහ පොල්පොට්ගේ කාම්බෝජය සිහි කරන 1987-1990 ජේවීපී දෙවන කැරැල්ල සමූහ මිනිවළවල් වැනි අපකිර්තීමත් සිද්ධීන් හමුවේ ඒවා පරීක්‍ෂා කිරීමට සහ විමසා බැලීමට මහජනතාව තුළ අධිෂ්ඨානයක් නොමැති වීම, දේශපාලන පංතියේ නියාලු බව සහ අධිකරණයේ බෙලහීනත්වය තුළය.

නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කුඨෝපායන් බවට පත් නොවුයේ නම් පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකාරයා සේ සැලකෙන සහාරාන් ප්‍රාදේශීය සූෆී භක්තිකයන්ට පහර දෙන ගණන්කාරයෙකුට වඩා වැඩි කෙනෙක් නොවනු ඇත.

Details
ISBN
9786246708191
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

Reviews are published once a member of our team has read them.