ශ්‍රී ලාංකේය සිනමා කෞතුකාගාරයේ පුරෝගාමියා - හේමප්‍රිය කණ්ඩම්බි
1885 දී ලෝකයට බිහි වූ සිනමාව, මානවයාගේ ඉතිහාසය අනාගතයට දැන ගැනීමට හැකි අපූරු මාධ්‍යයක් විය. සිනමාව තුළින් අතීත සමාජය, සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලනය වැනි ඉතිහාස කරුණු අනාගතයට ප්‍රක්ෂේපණය වේ. සිනමාපටයක් සංරක්ෂණය කිරීම යනු හුදෙක් එක් කලා කෘතියක් සංරක්ෂණය කිරීමක් නොව යුගයක සංස්කෘතික උරුමයක් මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමකි. එබැවින් මෙම සිනමා කෞතුකාගාරය අනාගතයට මහත් වටිනාකමක් ගෙනදෙනු ඇත.
ශ්‍රී ලංකාව: කුඩා දිවයිනේ ප්‍රෞඪ ඉතිහාසය, වටිනා උරුමයන්ගෙන් පිරුණු දිවයිනට සිනමා කෞතුකාගාරයක් එකතු කළේ මා විසින්ය. එය සමස්ත සිනමාකරුවන්ට අභිමානයක් වනු ඇත. මෙය නිසියාකාරව ස්ථාපිත කර ලෝකයේ අංක එකේ සිනමා කෞතුකාගාරය ගොඩනැගීමට දුර්ලභ සිනමා සම්පත් ප්‍රමාණයක්, එකතුවක්, ඒ හා සබැඳි දැනුම් සම්භාරයක් මා සතුව පවතී.
මෙය ස්ථිර ගොඩනැගිල්ලක් තුළ ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් ද සංචාරක ආකර්ශනය ද ලබා ගැනීමට හැකිවනු ඇත. එමගින් රටට විශාල විදේශ ආදායමක් ගලා එනු නොඅනුමානය. ඒ වගේම පාසල්, විශ්වවිද්‍යාල දරු දැරියන්ට මෙන්ම විද්‍යාර්ථීන්ට ද මෙය දැනුම් විශ්වවිද්‍යාලය බවට පත් කළ හැක.
හේමප්‍රිය කණ්ඩම්බි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.