සුදු කිරි ගංගා - කාව්‍ය සංග්‍රහය
සුදු කිරි ගංගා - සම්මානි උත්තරා සිරිවර්ධනගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. ඇය නූතන කවියේ විවිධ සම්ප්‍රදායන් අධ්‍යනය කරමින් උකහාගත් අත්දැකීම්, අනුභූතීන් ලෙස ගොනුකර ගනිමින් තම පාඨක සමාජය කරා යොමුවෙමින් සිටින්නී ය.
ඇය කවියට, ගීතයට ඇලුම් කරන්නේ ඇගේ කුඩා කල සිට ම ය. හලාවත ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ඇය පාසල් සමයේ සිට ම නිර්මාණකරණයේ යෙදෙමින් විවිධ ඇගයුම්වලට ලක්වෙමින් කාව්‍යකරණයට පිවිසීම ඉමහත් සතුටකි.
වත්මනෙහි සම්මානි විදේශගතව සිටිය ද කාව්‍යකරණයේ දී සිය හැකියාවන් වඩාත් ඔපමට්ටම් කරගන්නේ සමාජ මාධ්‍යය ඔස්සේ ය. ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන සහෘදයන්ට ඇය සහ ඇගේ නිර්මාණ දැනටමත් හොඳින් හුරුපුරුදු ය.
"හොඳට නරකට දෙකට කට ම ය”
මෙය අප අතර ප්‍රචලිත කවි පාදයකි.
"හොඳට නරකට දෙකට සමාජ මාධ්‍ය ම ය”
යනුවෙන් උක්ත මුල් කවි පාදය වෙනස් විය යුතු කාලය එළැඹ ඇත්දැයි මට සිතේ. නමුත් සම්මානි මුහුණුපොත සමාජ මාධ්‍යය තුළ සිය පාඨක රසික පර්ෂද අතරේ ද, නිර්මාණය වී ඇති කවි සමූහ පිටු අතරේ ද, තමන්ගේ නිර්මාණ ඛෙදා හදා ගනිමින් වඩාත් යහපත් ගුණාත්මක තැනෙක සිටගෙන සිටින්නියකි.
වඩාත් සෞන්දර්යාත්මකව තමන් විඳගත් මානව ජීවිත හැඩය කවියට මෙන් ම ගීතයටත් සරිලන සේ නිමැවූ "සුදූ කිරි ගංගා” කාව්‍ය සංග්‍රහය පාඨක මනසට සිසිලක් සැනසුමක් ලබාදෙනු නො අනුමාන ය. ඇය ඒ වෙනුවෙන් ගන්නා උත්සාහය ඉහළින්ම අගය කළ යුතු ය. අත්දැකීම් සහ පරිකල්පන ශක්තියෙන් තමන් ලද පන්නරයේ ගුණ සුවඳ මේ කාව්‍ය සංග්‍රහයෙන් අපේ සිත් යාය පුරා විහිදේ.
විශාරද එඩ්වඩ් ජයකොඩි
ලලිතකලාවේදී (ගෞරව) කැලණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.