සුපසන් ජීවිතය
දිනපතා දිවිය ධර්මානුකූලව සුමගට යොමු කරගනිමින් සුපසන් ජීවිතයක් ගොඩනගා ගැනීමට මගපෙන්වන වටිනා ධර්මෝපදේශ සංග්‍රහයකි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක, ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම, විනය උගත් සිල්වත් ආදර්ශවත් යතීන්ද්‍රයන් වහන්සේ නමකි.
මෙරට හැදෙන වැඩෙන දරු පරපුරෙහි නැණ පහන් දල්වන්නට දිගු කලක් පුරා වෙහෙසුණ උන්වහන්සේ අනතුරුව ධර්ම ශාස්ත්‍රීය ශාසනික මෙහෙවර දෙස් විදෙස්හි අරඹා මහඟු මෙහෙවරක් ඉටු කරති. ගෞරවාදරයට පාත්‍රව මෙරට වැඩසිටින උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ද වේ.
බුදුසරණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනියක වන දීපා පෙරේරා මහත්මිය පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කර ඉතා හරබර ලිපි මාලාවක් ආරම්භ කළ අතර "සුපසන් ජීවිතය" මැයෙන් ලිපි පහහක් පමණ පළ කිරීමට එමගින් අවස්ථාව ලැබිණි.
කුඩා, තරුණ, මහලු කවර තරාතිරමක අයෙකුගේ වුව ද ගත සිත සුමගට යෙදවීමෙන් නිවන් මග උදාකරගත හැකි අයුරු එම ලිපි මාලාවෙන් පැහැදිලි කර ඇත.
මාධ්‍යවේදිනී දීපා පෙරේරා මහත්මිය ධර්ම ගෞරවයෙන් හා මහත් කැපවීමෙන් බුදුසරණ පාඨකයන්ගේ දහම් දැනුම වර්ධනයට එමගින් කළ මෙහෙවර ඉතා ප්‍රශංසනීය වේ. 'සුපසන් ජීවිතය' බුදුසරණ ලිපි මාලාව ග්‍රන්ථයක් ලෙස බෞද්ධ පාඨකයා අතට පත් වීම සතුටට කරුණක් වන අතර දීපා පෙරේරා මහත්මියගේ මෙම මාධ්‍ය මෙහෙවර මගින් සමාජයට ද මහඟු ආදර්ශයක් සපයන බව ද වෙසෙසින් සඳහන් කළ යුතු ය.
- සීසර් සුදුසිංහ
"බුදුසරණ" උපදේශක කර්තෘ
සසර නිවන සිත
ආචාර්ය මිරිස්සේ දම්මික නාහිමි-acharya mirisse dammika nahimi
රු. 247.50
ධර්මයේ මාර්ගය
ඥාණාතිලෝක හිමි
රු. 225.00
ප්‍රායෝගික බුදු දහම
තාරක වික්‍රමසේකර
රු. 247.50
දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධයාගේ අනාගතය
සේනානායක
රු. 225.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.