Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ප්‍රායෝගික බුදු දහම

ප්‍රායෝගික බුදු දහම

About this book

'සජ්ඣායනයට වඩා සංගායනාව වෙනස් වේ. සජ්ඣායනාවේදී තිබෙන දේ හඬ නඟා කීම සිදු වේ. එහෙත් සංගායනාවේදී සිදු කරන්නේ පවතින දේ තුළ වැරැදි ඇත්නම් ඒවා නිදොස් කර ගැලපෙන සේ සකස් කොට, අලුතින් යමක් එකතු කළ යුතු වේ නම්, එය එකතු කිරීමයි.

සමාජ සංගායනාවේදී බලාපොරොත්තු වන්නේ එක තැන පල් වීමට සමාජයට ඉඩ නොතබා සම්ප්‍රදායයන් ආරක්ෂා කර ගනිමින් එහෙත් දියුණුව පිණිස අවශ්‍ය පරිදි වෙනස් කිරීම් කරමින් සමාජ ප්‍රවර්ධනයක් ඇති කර ගැනීමයි.

අපේ රාහුල හාමුදුරුවන් දෙසූ 'ප්‍රායෝගික බුදු දහම' හෙවත් සමාජ සංගායනා ලිපි පෙළෙහි තුන්වන එකතුවත් මේ ලෙස සමාජගත වීම අලුත් මානයක් ඔස්සේ සිතන, වඩාත්ම 'පනින්ට පෙර සිතන' පිරිසක් ගොඩනගා ගැනීම පිණිස උපස්තම්භක වනු ඇත. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව ධර්මය ප්‍රායෝගිකව තම ජීවිතවලට යොදා ගැනීමට දෙන අනුශාසනා - අවවාද - උපදෙස් මෙම ලිපි මඟින් නොමඳව සමාජගත කර තිබේ. 'අද දවස, මේ ඉන්න තැන අපායක් නොකොට ගෙන දෙව්ලොවක් කර ගැනීමට' මෙම තුන්වන කෘතිය ද ඔබට පිහිටවනු නොඅනුමානය.'

ISBN
9789550822683
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රායෝගික බුදු දහම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.