Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සසර නිවන සිත
About this book

පරතෙරක් නොපෙනෙන සංසාර ගමනේ මිනිසත් බවයක් ලැබීම ම කෙතරම් දුර්ලභ ද? නවාතැන් පොළක් බඳු වූ මනු ලොව ඉපිද මිනිස් ජීවිතයක් මඟින් සසර ගමනට ගෙන යා හැකි මග වියදම් සපයා ගනු ලබන්නේ කීයෙන් කී දෙනෙකුදැයි මොහොතක් විමසා බැලීම වටී.

ආචාර්ය මිරිස්සේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කර 'බුදුසරණ' මාධ්‍යවේදිනී දීපා පෙරේරා මහත්මිය විසින් සම්පාදනය කරන ලද 'සුපසන් ජීවිතය' ලිපි මාලාව සසර ගමන ගැන මනා අවබෝධයක් පාඨකයා වෙත ළඟා කරවන්නට සමත් වූවකි.

අපේ රටේ සම්භාවනීය මහ තෙරවරුන් අතර ධර්ම විනයධර සුපේශල ශික්ෂාකාමී ආදර්ශවත් යතිරුවනක් වන මිරිස්සේ ධම්මික නාහිමියන් වහන්සේ විසින් කථිත එම ලිපි මාලාව ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් දහම් පිපාසය යම්තරමකින් හෝ සංසිඳුවීමට සමත්වනු නොඅනුමාන ය.

සමාජය සුවිරිතයට ම යොමු කරවන මග හැකිතාක් සම්බුදු දහමට ම යොමුකිරීම ය. ඊට උදාර මඟක් පෙන්වන 'සුපසන් ජීවිතය' දෙවන ග්‍රන්ථය සම්පාදනයෙන් මහත් කුසලයක් අත්කර ගත්තාක් මෙන් ම පාඨකයා දහම් මඟට යොමු කිරීමට ශක්තියක් බලයක් සැපයීමෙන් කාලෝචිත සමාජ මෙහෙවරක් ද සලසා ඇතැයි මෙහිදී සඳහන් කරනුයේ ඉමහත් සතුටිනි.

තෙරුවන් සරණින් සැමට යහපත සැලසේවා!

සීසර් සුදුසිංහ
'බුදුසරණ' උපදේශක කර්තෘ

ISBN
9789550822839
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසර නිවන සිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.