Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සරත් ජයසිංහ / සුපිරි ක්‍රීඩකයින්ගේ සුපිරි ඉනිම්

සුපිරි ක්‍රීඩකයින්ගේ සුපිරි ඉනිම්

About this book

ශ්‍රි ලංකාවේ ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැහැබර නමක් දිනාගත් සම්මානනීය ගත් කතුවරයකු වන සරත් ජයසිංහගේ අලුත් ම ක්‍රිකට් ක්‍රීඩා ග්‍රන්ථය මෙයයි.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ සුපතල අසහාය ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ "හොඳ ම ටෙස්ට් ඉනිම්” අළලා මෙම ග්‍රන්ථය රචනාකොට තිබේ.

වසර කිහිපයක පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුව, මෙහි කතුවරයා විසින් තෝරාගනු ලැබු ලොව සුපතල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ ජීවන තොරතුරු, ජයග්‍රහණ, වාර්තා සහ සැමරුම් මෙම ග්‍රන්ථය ට ඇතුලත්කොට තිබේ. මෙහිලා වඩාත් වැදගත් වනුයේ ඔවුනගේ සුපිරි ටෙස්ට් ඉනිම් ය.

ශ්‍රි ලංකාවේ ක්‍රිඩා සාහිත්‍යය ට වට "පොද වැස්සක්” වන් මෙම ග්‍රන්ථයෙන්, ටෙස්ට් පිටියේ ඉහළින් ම දස්කම පෑ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් කිහිපදෙනකුගේ "හොඳ ම ටෙස්ට් ඉනිම්”ද අපුරුව ට විග්‍රහකොට තිබේ.

ක්‍රිකට් දැනුම සොයන පාඨකයින් ට මෙම ග්‍රන්ථය මාහැගි අත්වැලක් වනු ඇත. සරත් ජයසිංහ, කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Details
ISBN
9786245663422
පිටු ගණන (Pages)
380
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුපිරි ක්‍රීඩකයින්ගේ සුපිරි ඉනිම්

Reviews are published once a member of our team has read them.