සුපිරි ක්‍රීඩකයින්ගේ සුපිරි ඉනිම්

Special Price රු. 2,120.00 Regular Price රු. 2,650.00
In stock
SKU
supiri-kridakainge-supiri-inim-sarath-jayasinghe-bookrack

ශ්‍රි ලංකාවේ ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැහැබර නමක් දිනාගත් සම්මානනීය ගත් කතුවරයකු වන සරත් ජයසිංහගේ අලුත් ම ක්‍රිකට් ක්‍රීඩා ග්‍රන්ථය මෙයයි.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ සුපතල අසහාය ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ "හොඳ ම ටෙස්ට් ඉනිම්” අළලා මෙම ග්‍රන්ථය රචනාකොට තිබේ.

වසර කිහිපයක පර්යේෂණාත්මක අධ්‍යයනයකින් පසුව, මෙහි කතුවරයා විසින් තෝරාගනු ලැබු ලොව සුපතල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ ජීවන තොරතුරු, ජයග්‍රහණ, වාර්තා සහ සැමරුම් මෙම ග්‍රන්ථය ට ඇතුලත්කොට තිබේ. මෙහිලා වඩාත් වැදගත් වනුයේ ඔවුනගේ සුපිරි ටෙස්ට් ඉනිම් ය.

ශ්‍රි ලංකාවේ ක්‍රිඩා සාහිත්‍යය ට වට "පොද වැස්සක්” වන් මෙම ග්‍රන්ථයෙන්, ටෙස්ට් පිටියේ ඉහළින් ම දස්කම පෑ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් කිහිපදෙනකුගේ "හොඳ ම ටෙස්ට් ඉනිම්”ද අපුරුව ට විග්‍රහකොට තිබේ.

ක්‍රිකට් දැනුම සොයන පාඨකයින් ට මෙම ග්‍රන්ථය මාහැගි අත්වැලක් වනු ඇත. සරත් ජයසිංහ, කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Author සරත් ජයසිංහ - Sarath Jayasinghe (2)
Publisher බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers (70)
More Information
ISBN 9786245663422
පිටු ගණන 380
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුපිරි ක්‍රීඩකයින්ගේ සුපිරි ඉනිම්
Back to Top