සුවඳ සන්නිය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
suwanda-sanniya-sepali-mayadunne-godage-book
Publisher ගොඩගේ - Godage (461)
සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක්ද හීරුස්ස පුරුක් තුනක්ද තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආරම්භයේ නිශ්චලව පියැවුණු දිවි හිස යන්තමෙන් දෑස් විවර කරන බවක් ද ඒ මේ අත හරවා බලන බවක් ද පෙනෙන්නේය. අනතුරුව හීරුස්ස පුරුක්වලින් දළු මතුවන්නට වෙයි තොලබෝ කොළය මඳ සුළං පහරක් හෝ නොලබා පැදුර මත නැළැවෙන්නට වන්නේය. ඉක්බිති ගුරුන්නාන්සේ මහත් වු හඬකින් මෙසේ කියන්නට වූයේය. සක්දෙවි විමානෙට වැඩමවා සැක්‍රයින්ගෙන් වරම් ලත් රන්දුනු සෑම සැමසැරේ දකුණු ශ්‍රී හස්තයට දරාගෙන නාග ලොවට ගොස් පල්ලේ තිබුණු එරන් දෙසි තුන නෙළාගෙන මේ සක්වළ එර්දියෙන් වැඩමවන වෙලාවට සප්ත මහා සාගරය කම්පා වුණාය.
Back to Top