Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / තහනම් ගහේ ඇපල්

තහනම් ගහේ ඇපල්

ප්‍රකාශක (Publisher): බර්ට් ප්‍රකාශන - Bert Publication
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

බර්ට්‍රම් නිහාල් විසින් මෙතෙක් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද කෘති සමුහයෙන් නිසැකයෙන්ම ප්‍රකට කරන්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාව අරබයා ඔහුගේ නිර්මාණශීලීත්වයත්, කෞෂල්‍යතාවත් ඔප්නැංවී ඇත්තේ ඔහුගේ අසහාය ප්‍රතිභා ශක්තිය නිසා බැව්ය. විද්‍යුත් මාධ්‍ය අරභයා ඔහු සතු උච්චවුත් විශිෂ්ටවූත් ප්‍රවීණත්වය හේතුකොට ගෙන ඒ හා සමාන වූ ලිඛිත සාහිත්‍යය පිළිබඳව කුසලතාව කෙනෙකුට නොපෙනී යා හැකිය. නිර්මාණශීලි පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ කීර්තිය මූලික වශයෙන් රඳා පවතින්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඇසුරෙන් ඔහු විසින් ලබා දුන් දායකත්වය මත වුවද බර්ට්‍රම් ගේ සාහිත්‍යයික ප්‍රවීණත්වයත් ඒ තරම්ම ප්‍රශංසාත්මකය. සාහිත්‍යයික නිර්මාණකරණයෙහි ලා ඔහු සතු විචක්ෂණශීලි භාවය විභූතිමත්ව ප්‍රකට කරන්නේ සිය ටෙලිනාට්‍ය සඳහා ඔහු විසින්ම විරචිත රූපවාහිනි තිර රචනා මාලාවෙනි. තමන් විසින් ප්‍රකාශ කළ යුතු දේ පරිපූර්ණාකාරයෙන් පවසනු පිණිස අවශ්‍ය පද හරඹයෙහි ලා බර්ට්‍රම් සතු දක්ෂතාව මේ තිර රචනාවලියෙන් ප්‍රත්‍යක්ෂ වන්නේය. එලෙසින්ම ඔහු විසින් රචනා කොට ප්‍රකාශනය කර තිබෙන ශාස්ත්‍රීය කෘති එකතුව සමකාලීන ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ශ‍්‍රව්‍ය දෘෂ‍්‍ය කලාව සහ සෞන්දර්යය විෂය අනුබද්ධව සුවිශේෂ මෙහෙයක් ඉටු කරන්නේය. මේ නිර්මාණ විසින් තේමා කොට ගෙන ඇත්තේ වර්තමානයේ පළකෙරෙන ග්‍රන්ථයන්හි සාමාන්‍යයෙන් භාවිතා නොකෙරෙන සන්දර්භ මාලාවකි. මෙම කෘති මගින් පාඨකයන්ගේ නිම් වළලු පුළුල් කෙරෙන අතර ඒවා සත්‍ය වශයෙන්ම අපූර්ව වු සන්නිවේදන අත්දැකීම් සඳහා දොරටු විවෘත කරනු ලබයි.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය

B.A.(Hons) Sri Lanka Ph.D. (Sorbonne) Dip in France (Unide Cane)

සිංහල අධ්‍යයන අංශය කැළණිය විශ්ව විද්‍යාලය - 2001  

ISBN
9789558227152
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තහනම් ගහේ ඇපල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.