Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

යුගයක ප්‍රධානම කවීන් ළඟ බරපතල ලෙස නතර නොවී යම් භාෂා සංස්කෘතියක කවිතා කතිකාව පොහොසත් කළ නොහැකිය. ඇතැම් විශිෂ්ට කවීන් ළඟ නැවත නැවත නතර වීමට සිදු වේ. ආරියවංශ රණවීර කවියා අසලද නැවතී ඔහුගේ කලාව පිළිබඳ බුද්ධ - භාවමය බාවනාවක යෙදීම ඉතා අවශ්‍ය දෙයකි. අසූව දශකය අග වන විට ගීතමය කවිය දිගේ පාවෙමින් සිටි කවි රසිකයන් කවිය ළඟද වචනය ළඟද කාව්‍යමයත්වය ළඟදා නැවැත්වීමට තැත් කළ කවියක් රණවීරගෙන් බිහි විය. ඉතා සංක්ශිප්ත කවියක් යනු රසිකයාට විශාල අවකාශයක් ඇති තැනකි. රණවීරගේ එවන් කවි ළඟ නැවත නතර වීම අවශ්‍ය වේ. වේගයෙන් ගලන භාවාතිශය කවියක් දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ නිසා සංකීර්ණ වූදා ගැඹුරු වූදා කාව්‍යමය සංරචනය යනු කුමක්දැයි යළි සලකා බැලීම අවශ්‍ය වේ. කවිය වෙනුවෙන් අසීමාන්තික බුද්ධිමය ශ්‍රමයක් කැප කරන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල රණවීර ළඟ මොහොතක් නැවතී යා යුත්තේ මන්දැයි අපට කියන්නේ ඇතැම් තෝරාගත් කවි සමීප කියවීමකට ලක් කරමිනි. රණවීරගේ කෙටි කවි සේම හොඳම දිග කවි කිහිපයක්ද මෙහිදී සියුම් කියවීමකට ලක් කරනු ලැබේ. එසේම රණවීර ලෝක සාහිත්‍ය කළාලය මත තබා අගය කිරීමද සිත්ගන්නාසුලුය. නිවුන්හැල්ලගේ පරම්පරාවේ කවීන් අතර වඩා අවංක හදාරන්නා ඔහුය යන කරුණද මෙම පොතෙන් පෙනේ.

 - මහාචාර්ය ලියනගේ අමරකීර්ති 

 

ISBN
9786245774050
පිටු ගණන (Pages)
121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.