තරහක් නෑ අප්පච්චි
රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක වන සුදාරි වීරසේන මෙනෙවිය ඇය විසින් රචිත විවිධපුවත්පත් හා සඟරා වල ඊල වූ තෝරාගත් නිර්මාණ එකතුවක් පොතක් ලෙස එළි දැක්වීම ප්‍රශංසනීයයි. ඇයගේ මෙම මල්ඵලගන්නා වූ උත්සාහය, ඉතා සුලු අහිමිවීම්වලදී, පරාජයන්හිදී, කම්පාවට පතව පසුබසින, ජීවිතය ඛේදවාචකයක් කරගන්නා වත්මන් තරුණ පරපුරට නොපසුබසින උත්සාහය, වීර්යය හා විශ්වාසය පිළිබඳ මහඟු ආදර්ශයක් සපයයි.
කෝපි මල් පොහොට්ටුවක රැඳුණු පිණි බිඳක සිට ගිණිගෙන දැවෙන විසල් සැඳෑ හිරුමඬල දක්වා පුලුල් පරාසයක චමත්කාරය මනසින් දකිමින් නාව්‍ය සංකල්පනා බවට පත්කර ඇති අයුරු ප්‍රශංසනීයයි. මව්පිය සෙනෙහස, ආදරය. විරහව, සොබාදහමේ චමත්කාරය මෙන්ම විද්‍යා ශිෂ්‍යාවක් ලෙස එදිනෙදා හමුවන ප්ලාස්කුව, බියුරෙට්ටුව, බන්සන්දාහකය ආදී උපකරණ, පාදකකරගෙන සංකල්පනා ගොඩනඟා ඇති ආකාරය චමත්කාරය.
ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගනිමින් සුන්දර ලෙස අභියෝගයන් මුහුණ දෙමින් බලාපොරොත්තු, විශ්වාසය හා කැපවීම, අත්නොහරිමින් ජීවිතය උපේක්‍ෂා සහගතව දකිමින් සාර්ථකත්වයට පියනඟන ඇයගේ මෙම ප්‍රථම කෘතියට සුභාශිංසන පිරිනමනඅතර මෙවන් සමාජ මෙහෙවරක දීර්ඝ කාලයක් නියැලීම සඳහා ඇයට නිරෝගීකම, සාමය, සතුට පිරි ඵලදායී අනාගතයක් ප්‍රාර්ථනාකරමි.
මහචාර්ය එල්.එම්.අබේවික්‍රම
කෘෂි විදන පීඨය
රුහුණු විශ්ව විද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.