තරුණ ඔබට
තරුණ ඔබ වෙත ක්‍රිෂ්ණමූර්ති සූරීන් ඉදිරිපත් කරන විෂයයන් අතර ආදරය, නිදහස, විනය, මනස, අධ්‍යාපනය, සෞන්දර්යය, අනුකරණය, රාමුගතවීම, තත්ත්වාරෝපණය, සත්‍යය, ප්‍රීතිය හා ගවේෂණය ප්‍රමුඛත්වය දරයි. ඒ සෑම විෂයයක් පිළිබඳවම තරුණ ඔබ අපේක්ෂා නොකළ ප්‍රශ්න නංවන ක්‍රිෂ්ණමූර්ති ඔබ නව දෘෂ්ටි කෝණයන් කරා යොමු කරයි. වියළි, නිරස, යාන්ත්‍රික ජීවන රටාවක් වෙනුවට නිර්මාණශීලී, අර්ථවත් ජීවිතයක් පිළිබඳව කරුණු පහදා දීමට උත්සාහ කරයි. පිළිගත් ධනෝපායන රාමුවෙන් ඉවත්ව මනස වර්ධනය කරගැනීමෙහි අවශ්‍යතාව හා එමගින් අරගල සතුරුකම් හා ගැටුම්වලින් තොර අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා ගෞරවයෙන් යුත් නව සමාජයක් නිර්මාණය කිරීමෙහිලා තරුණ ඔබගේ වගකීම පැහැදිලි කරන්නේ ය. ඒ අනුව දක්නා විට මේ කෘතිය තරුණයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ද තරුණ ජීවිත හැඩගැස්වීමේ වගකීම භාර ශික්ෂක පිරිස සඳහා ද උචිත යැයි කිව හැකි ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.