නිහඬ වෙරළේ ඔත්තුකරුවෝ
ඉස්තාලය වෙත ගිය මම සෙමින් පහළට ගමන් කරන්නට වූයේ දුසිම් භාගයක් පමණ වූ අශ්වයන්ගේ විමසුම් බැල්මන් පසු කරමිනි. මිනිසුන් මෙහි සෑහෙන වේලාවක් තිස්සේ කුමක් කළාද? මේ ගොඩනැගිල්ලට ඔවුන්ව ගෙන්වූයේ කුමක් විසින්ද? අනතුරුව මට එය දක්නට ලැබිනි.
ඉස්තාලයේ ඈත කොනක වූයේ පිදුරු වලින් අපිරිසිදු වූ පොළව මත කිසිවක් ඇදගෙන ගිය ලකුණු ය. ඇදගෙන ගිය ලකුණු යොමුව තිබුණේ අවසන් ඉස්තාල කුටීරය වෙතට ය. දොරේ අගුල විවර කරගත් මම හිස් කුටියට ඇතුළුව මගේ පන්දමේ ආලෝකය කුටිය සිසාරා එහෙ මෙහෙ කළෙමි. කිසිවක් යළිත් මා වෙත පරාවර්තනය විය. එය බිම වැටී තිබුණු උපැස් යුවලකි.
ඒ උපැස් යුවළට පසෙකින් වූයේ සීතලට ඇඟිලි ගල්වී ගිය අත්ලකි. මගේ විදුලි පන්දමේ ආලෝකය ඒ අත්ලෙන් අතටද අනතුරුව උරහිසටද අනතුරුව එහි මුහුණටද ගමන් කළේ ය. සෙලවීමටත් නොහැකි ලෙස මම ගල් ගැසුනෙමි. හුස්ම ගැනීමට ද නොහැකි වූවාක් බඳු ය. ඉස්තාල පොළව මත වැටී තිබූ පිරිමි මළ සිරුරක් දෙස මම බලා සිටියෙමි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.