Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිනර්
About this book

ග්‍රේස්ටෝන්ස් කන්‍යාරාමයේදී ඝාතනය වන කන්‍යා සොහොයුරියක් සහ ඝාතකයාගෙන් දිව් ගලවාගෙන කෝමා තත්ත්වයට පත්වන කන්‍යා සොහොයුරියක් නිසා බොස්ටන් නගරයම භීතියට පත් වේ. ඒ සමඟම තවත් ඛේදජනක ඝාතන රාශියක් වාර්තා වීමත් සමඟම අධිකරණ වෛද්‍ය මූරා අයිල්ස් සහ රහස් පරීක්ෂක ජේන් රිසොලි ඇතුළු බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයට මෙම ඝාතන සියල්ලේ අබිරහස විසඳීම බැරෑරුම් වන්නේ, ඔවුන් ඉදිරියේ නිදි වර්ජිත රාත්‍රීන් සහ පිළිතුරු නොමැති පරස්පර වූ පැන ගොන්නක් ගොඩගැසීමෙන් පසුවය. කන්‍යා සොහොයුරියක් සාහසික ලෙස ඝාතනය කිරීමට එඩිතර වූ වූ පව්කාරයා කවුද? නගරයේ සිදුවන අනෙකුත් ඝාතනයන්ට වගකිවයුත්තා කවුද? අවසානයේ මෙම ඝාතන සියල්ලෙහි සුලමුල විසඳීමට වෛද්‍ය විද්‍යාවට සහ අපරාධ විද්‍යාවට හැකිවේද?

අධිකරණ වෛද්‍ය මූරා අයිල්ස් සහ රහස් පරීක්ෂක ජේන් ඊසොලිගේ අපරාධ විමර්ශනයන් අඩංගු වන, වෛද්‍යවරියක සහ කීර්තිමත් ලේඛිකාවක වන Tess_Gerritsen විසින් රචනා කරන ලද ‘Rizzoli and lsles' නවකතා මාලාවේ තුන්වැනි නවකතාව වන ‘The Sinner’ අයිල්ස් සහ ඊසොලිගේ තවත් එක් අපරාධ විමර්ශනයක් අඩංගු වන, වෛද්‍ය විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ අපරාධ විද්‍යාවද මුසුවූ ‘Crime’ සහ ‘Medical thriller_suspense’ ශානරයට අයත් වන නවකතාවකි.

ISBN
9786246585303
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.