තෙලිතුඩෙන් ලියූ කවි
යථාවාදී අත්දැකීම් යථාර්ථවාදී අනුභූතීන් බවට පත්කර ගැනීම සඳහා කවීහු සෞන්දර්යය උපක්‍රම භාවිතා කරති. සචී සේනානායකගේ කාව්‍ය චිත්‍රාවලියේ එබඳු දුර්ලභ යථාර්ථ කවි කිහිපයක්ම හඳුනාගතිමි.
සඳ කිඳුරෝ සහ කළු බඹරෝ
සඳ කිඳුරෙකුට හදවත දී අවසානයි
වෙන කිසිවෙකුට එහි ඉඩ කඩ නැති වේමැයි
කීවට නාහනා කළු බඹරුන් බෝමයි
ඉවසන ගුණය මගෙ දැන් නැති වෙන ගානයි
මේ කවියේ ඇති හයිකු ස්වරූපයත්, ප්‍රවීණ පද ගැලපීමත්, උත්ප්‍රාස රස භාවිතාවත් අගය කළ යුතුය. සිත්තරෙකුට වර්ණ හා රේඛා තම නාලිය හෙවත් සාධක මාධ්‍ය වන්නා සේම කවි කිවිඳියන්ට භාෂාව, භාෂා රිද්මය ලය සහ සාහිත්‍යය යෝග තම මාධ්‍යය වනු ඇත. ඇය මැනවින් තම මාධ්‍යය හසුරවන කිවිඳියකි.
සචී කවි ලෝකයේ වැඩෙන ගසක් යැයි ඇගේ කෘතිය අපට සාක්ෂි වෙයි. මේ ඇය රචනා කරන ඇගේ දෙපෙති කවි පොත' යි. "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යන අනාගත වාක්‍යය, කාව්‍යකරණයට ආදරය කරන ඕනෑම කෙනෙකුට ඇය දෙස බලා කිව හැකි යැයි මම සිතමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.